IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ග්‍රාමීය මාර්ග ඉදිරිකිරීමේ ව්‍යාපෘති ටෙන්ඩරයක අක්‍රමිකතාවයක්

(රංජන් කස්තුරි)

රටපුරා ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිරිකිරීමේ ව්‍යාපෘතියේ මැනුම්කටයුතු සිදුකිරීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇතැයි එම ටෙන්ඩරයට ඉල්ලුම් කළ සමාගම සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 15 කම මාර්ග මැනීමේ කටයුතු සහ සැලසුම් කටයුතු එකම සමාගමකට ලැබීම පිළිබඳව සැකයක් මතුවන බවද එම ටෙන්ඩර 30 ලබාගත් සමාගම හා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියකු අතර යම් සබඳතාවයක් පවතින බවටත් සැකයක් මතුවන බවද එම සමාගම කියයි.

නව රජයේ වැඩපිළිවෙළකට අනුව රටපුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිරිකිරීමට සැලසුම් කර තිබෙන අතර ඊට අවශ්‍ය මැනුම් හා සැලසුම් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා තිබිණි.



අදහස් (4)

ග්‍රාමීය මාර්ග ඉදිරිකිරීමේ ව්‍යාපෘති ටෙන්ඩරයක අක්‍රමිකතාවයක්

රවින් Monday, 17 February 2020 12:26 AM

සංවර්ධනේ කියලා ඉස්සර යටිමඩි ගහපු උදවිය ආපහු එලියට බැහැලා වගේ. උණපුරුකේ දැම්මත් බලු නගුට දිග අරින්න බැහැ කියලා කතාවකුත් තියනවා නේද? මෙතැනදී තියන තවත් ප්‍රායෝගික කාරනාවක් තමා සියලු මැනුම් කටයුතු එකම ආයතනයකට ලබා දීමෙන් බලාපොරොත්තුවන ප්‍රතිපල. දැනුවත්වනම් කිසිම පෞද්ගලික ආයතනයකට මෙවැනි මිනුම් කටයුතු කිරීමට පහසුකම් නොමැත. එනමුදු මිනින්දෝරු දෙපාර්තුමේන්තුව සතුව පමණක් පහසුකම් ඇතැයි සිතමි. ඉතින්... රාජ්‍ය මුදල්.?

:       0       55

BamunuarachchiMonday, 17 February 2020 10:54 AM

"කිසිම පෞද්ගලික ආයතනයකට මෙවැනි මිනුම් කටයුතු කිරීමට පහසුකම් නොමැත." දැනගෙනද කතා කරන්නේ ?

:       1       0

RDA Banda Monday, 17 February 2020 03:59 AM

ඡන්දෙට වියදම් කරන්න සල්ලි හොයාගන්න කරන වැඩ. මේ අයට ඔය වගේ වැඩ ගොඩක් පුරුදුයි. 2015 ජනාධිපතිවරණයට කලිනුත් ඔය වගේ වැඩ කලා.

:       0       1

Champa Monday, 17 February 2020 05:37 AM

ග්‍රාමීය මාර්ග ඉඳි කිරීම කියලා මේ මැනුම් කරන්නෙත් ඉඩම් ඔප්පු කඩිනමින් දෙන්න ලංකාවේම ඉඩම් වල තොරතුරු එකතු කරන එකේ අනිත් එක. එම්සීසී ගිවිසුමට අවශ්‍ය අඩුමකුඩුම ටික ඉතා වේගයෙන් එකතු කරගෙන යනවා.

:       10       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1475 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site