
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
බාදුරාගොඩ ගස්පේ පොත්තේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පොල් තෙල් නිෂ්පාදනාගාරයක අද (3 ) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එම පොල් තෙල් නිෂ්පාදනාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි .
දහවල් සිදු කෙරෙන විදුලි කප්පාදුව නිසා සේවක පිරිසක් රැය පුරා පොල් තෙල් නිෂ්පාදන කටයුතුවල හා නඩත්තු කටයුතුවල යෙදී සිටින අවස්ථාවේදී අලුයම හතරට පමන එක්වරම විශාල ගින්නක් හටගත් බව ඔවුහු පැවසූහ.
ගින්න සැලවීමත් සමග ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීහු ගින්න නිවීමට ගත් උත්සාහය අසාර්ථක වීම නිසා කොප්පරා තොගයක් හා යන්ත්‍ර සූත්‍ර කිහිපයක් බේරා ගැනීමට කටයුතු කළ අතර එසේ දේපල බේරා ගැනීමට උත්සාහ ගත් කිහිප දෙනෙකු ද සුළු සුළු පිලිස්සුම් තුවාල ලබා තිබෙනු දැකිය හැකි විය.
කොප්පරා තොගයක් , නිපදවා තිබූ පොල් තෙල් තොගයක් හා පුන්නක්කු තොගය සමග නිෂ්පාදනාගායේ ප්‍රධාන යන්ත්‍රසුත්‍ර දැවී විනාශ වී තිබිණි.
පොල් තෙල් බැරල් දෙකක් පමණක් බේරාගෙන තිබිණි. සිදුවී ඇති හානිය රුපියල් කෝටි ගණනක් විය හැකි බව අනුමාන කෙරෙන අතර අලුයම හතරට පමණ ඇතිවූ ගින්න උදේ හය පමණ වන විටත් නිවා දැමීමට හැකියාවක් තිබුණේ නැත.
අනතුරුව එහි පැමිණි ගම්පහ නගර සභාවේ ගිනි නිවන අංශය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබීය .පල්ලෙවෙල පොලිසිය නිලධාරී පිරිසක් ද මෙම කටයුතු සදහා දායකවූහ.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගින්නකින් පොල්තෙල් නිෂ්පාදනාගාරයක් විනාශයි
අමා විජේසිංහ Saturday, 06 July 2024 07:48 AM
ඔය තුසිතාලාගේ අයියගේ පොල්තෙල් මෝල... හීට් එක වැඩිවෙලා පිච්චිලා තිබුනේ.... අපරාදේ...!