එෆ්.අස්ලම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරින් දෙදෙනෙකුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන නඩුවකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජූනි 21 වැනි දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා අද (3) නියෝග කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුකානන්දන් යන දෙදෙනා 2011 වසරේ දෙසැම්බර් යාපනය නගරයේ පැවති අතුරුදන් වූවන්ගේ ඥාතී විරෝධතාවකින් පසුව අතුරුදන් වී ඇත.
මෙම අතුරුදන් වීම අතුරුදන් කිරීමක් බවට චෝදනා කරමින් ලලිත් සහ කුගන් දෙදෙනාගේ ඥාතීන් විසින් 2012 වසරේ අභායාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණු අතර අභියාචනාධිකරණය විසින් එහි විභාගය සිදුකර වාර්තාවන් ඉදිරිපත් කරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබිණි.
මේ අනුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය 2012 සැප්තැම්බර් 19 වැනි දා මෙම පෙත්සම විභාගයට ගත් අතර එම පෙත්සමට අදාළ නඩු විභාගයේ සාක්කි ලබාදීම සඳහා අද (3) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ගෝඨාභය රාපක්ෂ මහතාට නොතීසි නිකුත් කර තිබුණේ පසුගිය නඩුවාරයේ දී ය.
කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ රට තුළ උද්ගත වී තිබෙන අනාරක්ෂිත තත්වය තුළ සිය සේවාදායකයා අධිකරණය හමුවේ ඉදිරිපත් නොවූ බවයි. මීළඟ නඩු වාරයේදී රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.
මේ අනුව නඩුව ලබන ජූනි 21 වැනි දාට කල් තැබූ යාපනය මහේස්ත්‍රාත්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගෝඨාභය යාපනය උසාවියට කැඳවයි
Chanak Los angeles Friday, 03 May 2019 03:42 PM
මේ අනාගත ජනපතිද?
පීටර් ලොස් ඇංජලිස්Friday, 03 May 2019 04:43 PM
ඔහේ දැන්මම බය වෙලා. මම එදා හමුවුණු වෙලාවේත් ඔහේට කිව්වනේ ඔය ශ්‍රී ලංකා විරෝධී එන්.ජී.ඕ මානසිකත්වය අත් හරින්න කියලා...
Chanak Los angelesFriday, 03 May 2019 10:06 PM
ඇංජලිස්??
KasunFriday, 03 May 2019 05:41 PM
ඔව් ඇයි ගැටලුවක්ද?
sirimal Friday, 03 May 2019 03:46 PM
අලි මදිවට හරක් කිව්වලු... සමහරු ඉස්ලාම් ත්‍රස්තවාදයත් මෙයාගේ කරපිටින් යවන්න හදනවා නේද...?
සචින්තSaturday, 04 May 2019 02:54 AM
මෙයාල යුද්ධය ඉවර කලාට පස්සෙ රට තමන්ගෙ බූදලයක් කියල හිතාගෙන කල දේවල්වලින් ඇතිවෙච්ච ජනතා අප්‍රසාදය නිසා නැවත බලයට එන්න බැරි බව දැනගත්තා.
sirimalSaturday, 04 May 2019 07:43 AM
ඒ වැඩේනම් හරියට අර "වතුරේ ගහගෙන යන තරුණියකගේ ජීවිතය බේරාගෙන ඒ වැඩේට සම්බන්ධ වුණු කට්ටිය ඇයව බේරා ගත්තේ අපි තමා කියකියා හිතු මනාපේ කිව්වා වගේ නේද?
d.upul Friday, 03 May 2019 04:47 PM
හැමතැනම නඩු තියාගෙන ජනපතිවරණයට ඉල්ලන්නේ කොහොමද මන්දා?
rama Saturday, 04 May 2019 05:35 AM
චානක් හිතාගෙන ඉන්නේ මිනිහෙකුට නඩුවක් දැම්මම එය වැරදිකරු වෙලා ඉවරයි කියලා... රට ගියා නම් එහෙට වෙලා ඉන්නකෝ අපේ රට අපිට දීලා..
sudda Saturday, 04 May 2019 08:54 AM
චානක් දන්නේ ලොස් ඇන්ජලිස් ඉන්නවා කියලා නයා පෙන්නන්න විතරයි. අන්තිමට ඉන්නේ ලංකාවේ මුල්ලකමද දන්නේ නැහැ.