IMG-LOGO

ගෝඨාට එරෙහි පොදු දේපලපනත් නඩුවේ පෙත්සම් විභාගය අවසන්

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ)


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන සහතිකය නීතිවිරෝධී බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (02) තීන්දු කළේය.


මෙම පෙත්සම පවත්වාගෙන යෑම අවසන් කිරීමට තම සේවාදායකයා අදහස් කරන බව පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද අභියාචනාධිකරණ හමුවේ ප‍්‍රකාශ කළ අතර ඊට නීතිපතිවරයාගේ කිසිදු විරුද්ධත්වය ප‍්‍රකාශ නොවීම හේතුවෙන් එම නඩු විභාගය අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේය.


මෙම පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.


මීට පෙර මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණය විසින් තංගල්ල වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු දේපළ පනත යටතේ අත් අඩංගූවට ගැනිම වළකාලමින්  අතුරු නියොගයක් නිකුත් කරනු ලැබ තිබිණි.


මිරිහාන පැඟිරිවත්ත පාරේ පදිංචි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.


හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ පෙත්සමේ සඳහන් වූයේ ඉකුත් රජය සමයේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 83ක මුදලක් සාවද්‍ය ලෙෂ පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පොදු දේපළ පනත යටතේ බී වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවය.


අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් පොලීසිය මෙම සහතිකය ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ තමන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොමැති බවය.


මේ හේතුවෙන් පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ අදාළ බී වාර්තාව බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.


පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අලි සබ්රී මහතා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.


වග උත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියේය.



අදහස් (5)

ගෝඨාට එරෙහි පොදු දේපලපනත් නඩුවේ පෙත්සම් විභාගය අවසන්

sandy Friday, 02 November 2018 11:58 AM

බොහොම හොදයි.

:       5       29

Rata Perata Friday, 02 November 2018 12:00 PM

මේවා තමයි මේ දවස්වල තියෙන දේශපාලන සෙල්ලම් වලට හේතු.

:       1       46

V.warnakulasuriya Friday, 02 November 2018 02:08 PM

රටේ පාලනය හොරුන්ට සහ හොරු වෙනුවෙන් අයටම පවරා, අපිත් මොකක් හෝ මගඩියක් කරගෙන ජීවත්වීමට සිතමු. වර්තමානයේ පවතින තත්ත්වය අනුව සාමාන්‍ය ජනතාවට එසේ සිතන්නට සිදුවේ...

:       1       76

Ajth Nissanka Friday, 02 November 2018 02:44 PM

හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ පෙත්සමේ අලුත්ම පැමිණිල්ලේ සඳහන් වූයේ ඉකුත් රජය සමයේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 83ක මුදලක් රටේ ප්‍රගතිශීලි වහලුන් විසින් පරිත්‍යාග කළ මුදල් මිස අවභාවිත කල මුදල් නොවන බවයි!

:       5       130

Sisira Saturday, 03 November 2018 10:08 AM

ඕක මොකක්ද මිලියන 83ක් නෙ. කොච්චර සාධාරණ දෙයක්ද? දැන් ආයෙත් තව කීපයක් හදන්න අවස්ථාව ලැබෙන්න ආසන්නයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 605 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site