( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන සහතිකය නීතිවිරෝධී බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (02) තීන්දු කළේය.
මෙම පෙත්සම පවත්වාගෙන යෑම අවසන් කිරීමට තම සේවාදායකයා අදහස් කරන බව පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද අභියාචනාධිකරණ හමුවේ ප‍්‍රකාශ කළ අතර ඊට නීතිපතිවරයාගේ කිසිදු විරුද්ධත්වය ප‍්‍රකාශ නොවීම හේතුවෙන් එම නඩු විභාගය අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.
මීට පෙර මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණය විසින් තංගල්ල වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු දේපළ පනත යටතේ අත් අඩංගූවට ගැනිම වළකාලමින් අතුරු නියොගයක් නිකුත් කරනු ලැබ තිබිණි.
මිරිහාන පැඟිරිවත්ත පාරේ පදිංචි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.
හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ පෙත්සමේ සඳහන් වූයේ ඉකුත් රජය සමයේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 83ක මුදලක් සාවද්‍ය ලෙෂ පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පොදු දේපළ පනත යටතේ බී වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවය.
අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් පොලීසිය මෙම සහතිකය ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ තමන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොමැති බවය.
මේ හේතුවෙන් පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ අදාළ බී වාර්තාව බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අලි සබ්රී මහතා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
වග උත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියේය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ගෝඨාට එරෙහි පොදු දේපලපනත් නඩුවේ පෙත්සම් විභාගය අවසන්
sandy Friday, 02 November 2018 11:58 AM
බොහොම හොදයි.
Rata Perata Friday, 02 November 2018 12:00 PM
මේවා තමයි මේ දවස්වල තියෙන දේශපාලන සෙල්ලම් වලට හේතු.
V.warnakulasuriya Friday, 02 November 2018 02:08 PM
රටේ පාලනය හොරුන්ට සහ හොරු වෙනුවෙන් අයටම පවරා, අපිත් මොකක් හෝ මගඩියක් කරගෙන ජීවත්වීමට සිතමු. වර්තමානයේ පවතින තත්ත්වය අනුව සාමාන්‍ය ජනතාවට එසේ සිතන්නට සිදුවේ...
Ajth Nissanka Friday, 02 November 2018 02:44 PM
හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ පෙත්සමේ අලුත්ම පැමිණිල්ලේ සඳහන් වූයේ ඉකුත් රජය සමයේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 83ක මුදලක් රටේ ප්‍රගතිශීලි වහලුන් විසින් පරිත්‍යාග කළ මුදල් මිස අවභාවිත කල මුදල් නොවන බවයි!
Sisira Saturday, 03 November 2018 10:08 AM
ඕක මොකක්ද මිලියන 83ක් නෙ. කොච්චර සාධාරණ දෙයක්ද? දැන් ආයෙත් තව කීපයක් හදන්න අවස්ථාව ලැබෙන්න ආසන්නයි.