(නිමල කොඩිතුවක්කු)

මීගමුව ඇතුළු ගැටුම් ඇතිවිය හැකි සියලුම ප‍්‍රදේශවල මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (6) රජයෙන් ඉල්ලීමක් කළහ.

බීමත් පිරිස් එම ප‍්‍රදේශ ආශ‍්‍රිතව ගැටුම් ඇති කළ හැකි බැවින් මෙම පියවර ගන්නා ලෙසද  අගරදගුරුතුමෝ සඳහන් කළහ.

බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී  අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

සියලූම ජනතාව අනවශ්‍ය කලබල ඇති නොකර සාමකාමීව කටයුතු කරන ලෙසත් අගරදගුරුතුමෝ වැඩිදුරටත්  කීහ.