ඉන්දිකා රාමනායක
දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් සංස්ථාවේ මුලස්ථාන පරිශ‍්‍රයේ ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් සේවකයකු මියගොස් තවත් සේවකයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 20 ට අධික පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ප‍්‍රකාශ සටහන් කරගත් පිරිස අතර තෙල් සංස්ථා ආරක්ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සේවකයන් කිහිප දෙනෙකු වන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම ගැටුම් සිද්ධිය මුල් වු බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතාගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසයි.
මෙම සිද්ධි සී සී ටී වී දර්ශන පොලිසිය වෙත ලබාගෙන ඇති අතර ඒ අනුව පරීක්ෂණ පවත්වා සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු ඉදිරියේ අත්අඩංගුවට ගන්නා බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථාවේ මුලස්ථාන පරීශ‍්‍රරයේ ඇති සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීම සිදුකරමින් පවතින බවද උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඛනිජ තෙල් සංස්ථා වෙඩි තැබීම ගැන 20 ක ගෙන් ප්‍රකාශ ගනී
Sisira Monday, 05 November 2018 12:06 PM
වෙඩි තැබීම ගැන පරීක්ෂණ කිරීම හොඳයි. ඇමති ආරක්ෂකයින්ට එසේ කිරීමට සිදුවූ පසුබිම කොතෙක් දුරට සාධාරණද යන්න ගැනත් ඊට පෙර හොයන එක තවත් හොඳයි.
gayan Monday, 05 November 2018 02:00 PM
මම අර්ජුනට කිසිම කැමැත්තක් නැත. නමුත් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ගත් තීරණය දේශපාලන තීරණයක් නොවන බව ඉතා පැහැදිලියි. කුමන ඇමති වරයෙක් බලයේ සිටියද සේවකයින්ට හෝ ජනතාවට නීතිය අතට ගත නොහැකිය. අප රටක් ලෙස ගමන් කළයුතු මාර්ගය දාමරිකකම නොවේ. මියගිය පිරිසට මගේ කණගාටුව ප්‍රකාශ කරමි. දේශපාලකයන් පසුපස නොයන මෙන් සියලුදෙනාගෙන් ඉල්ලමි. මොකද අප මියගිය විට අසරණ වන්නේ තම පවුල, දරුවන් පමණි. දේශපාලන ඇසින් නොබලන්න...
Saththaya Tuesday, 06 November 2018 03:20 AM
ඇමති ආරක්ෂකයෙක් යොදවලා තියෙන්නේ ගිනි අවියක් සමග ඔහුව ආරක්ෂා කරන්න. ඒක ඔහු බාරගත් රාජකාරිය. මෙච්චර ඉක්මනට මේ දේශපාලුවන් සමග සිද්දිය වූ ස්ථානයට සෙනග පැමිණියේ සංවිධානාත්මකව කරපු කුමන්ත්‍රණයක් සහ සිතාමතා සැලසුම් කරපු ක්‍රියාවක් නිසා. ඒක තමයි ඇත්ත. අනික අර්ජුන මහතා ලංකාවට ගෞරවයක් ගෙනදුන් සම්පතක්. ඔහුව අනිවාර්යෙන් ආරක්ෂා කරන්න ඕන. ඔහු නීත්‍යානුකුලව පත් වෙච්ච ඇමති කෙනෙක්.
de silva berlin Tuesday, 06 November 2018 06:57 AM
එක රාත්‍රියක් තුළ ඇමතිවරයෙක් ඔහුගේ වරදක් නොමැතිව ආණ්ඩු මාරුව සිදුවුණා නිසා බලයෙන් පහකෙරුනම ඔහුට ඔහුගේ පරණ කාර්යාලයට යාමට අයිතියක් ඇත....... සාධාරණ සැකයක් තිබෙනවා නම් එම ගමන වැළකීමට එහි ආරක්ෂක අංශයට හෝ එහි පාලකයන් ගේ ඉල්ලීම මත පොලිසියට පුළුවන , නමුත් එහි සේවකයන්ට හෝ පිටස්තර පුද්ගලයන්ට , හිටපු ඇමතිවරයා බලයෙන් රඳවාගැනීම කිසිම නීතිමය බලයක් නොමැත , ඔහුගේ ජිවිත තර්ජනයක් තිබේ කියා පෙනෙනවා නම් , වෙඩි තබා හෝ ඔහු ආරක්ෂා කිරීම ආරක්ෂකයන්ගේ වගකීම වේ , මෙවැනි අවස්ථාවක තීරණ ගැනීමට ඇත්තේ තත්පර කිහිපයකි , හොඳ උදාහරණය යාපනයේ විනිසුරු ආරක්ෂා කිරීමට ගොස් මිය ගිය පොලිස් නිලධාරියා , සමහර විට මෙම නිලධාරියා ක්‍රියාත්මක නොවී සිටිය නම් ඔහු සහ අර්ජුනත් කලබලකාරී පුද්ගලයන් අතින් මිය යාමට බොහෝවිට ඉඩ තිබුණි , එහෙම වුනානම් , රටේ කලබල ඇතිවීමට ඉඩ තිබුණි , අර්ජුන යනු ලෝක ප්‍රකට පුද්ගලයෙකු නිසා මෙය ලෝකය පුර ප්‍රචාරය වී ලෝකයේම අවධානය අපේ රටට්ට එල්ලවී අපේ ආර්ථිකය කබලෙන් ලිපට වැටීමට ඉඩ තිබුණි