( සුජිත් හේවාජුලිගේ )
මේ දිනවල කොළඹ රැදී සිටින්නැයි ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
මීට අමතරව විදේශ සංචාර යාමෙන්ද මේ දිනවල වැළකී සිටින්නැයිද ඔවුන්ට දැනුම් දී ඇත.
පවත්නා දේශපාලන තත්ත්වය හමුවේ ඒ ඒ දේශපාලන පක්ෂවල කටයුතුවලට සක්‍රීය දායකත්වය ගැනීම සඳහා පක්ෂ නායකන් මෙසේ උපදෙස් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
විදේශ ගතවී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද ඉකුත් දා හදිසියේම මෙරටට කැඳවා තිබිණි.
පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වන්නැයිද පක්ෂ නායකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොළඹ රැදී සිටින්නැයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස්
Janaka Sunday, 04 November 2018 12:50 PM
කොහෙමත් හිටියේ කොළඹනේ...
sandySunday, 04 November 2018 12:59 PM
ගොඩක් අය හිටියේ රට....
sirimal Sunday, 04 November 2018 12:59 PM
අර ඩොලර් ගත්තා කියලා සමහරු කියන කීපදෙනෙක්ම දැනටම ගිහිල්ලා කියලා ආරංචි වෙනවා.
sirimal Sunday, 04 November 2018 06:19 PM
දුමින්ද, අලගියවන්න, වසන්ත දැන් ඉන්නේ පිටරට කියල හිටපු ජනාධිපතිනිය කියල තියෙනවා. ඒගොල්ලෝ එනකල්ද දන්නේ නැහැ 14 වෙනිදට වැඩේ කල් ගියේ. ආවේ නැත්තන් තමයි වැඩේ.
rocky Monday, 05 November 2018 02:59 AM
ගෙම්බා වගේ අනිත් පැත්තට පැනපු වසංගත මහත්තයා නම් මේ දවස් වල ඉන්නේ රට නේද?