(අනීෂා මානගේ)
තංගල්ල පල්ලිකුඩාව ප්‍රදේශයේ පාලමක ඉදිකිරීම් සිදුකරන අතරතුරදී ප්‍රධාන මාර්ගයේ කොටසක් කැඩී යාම හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය තංගලෙන් වසා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
තංගල්ල පල්ලිකුඩාව ප්‍රදේශයේ වවුල් බෝක්කුව දැනට මාස කිහිපයක සිට අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබූ අතර රථවාහන ගමනාගමනයට සකස් කර තිබූ තාවකාලික මාර්ගයේ ඉරිතැලිම් කිහිපයක් සිදුව තිබේ.
මේ හේතුවෙන් ඊයේ දිනයේදී සැහැල්ලු රථවලට පමණක් ප්‍රධාන මාර්ගය භාවිතා කිරිමට ඉඩ සලසා තිබිණ.
යලිත් එම මාර්ගයේ කොටසක් කැඩී ගොස් ඇති අතර මේ හේතුවෙන් ඊයේ රාත්‍රි 10 සිට මාර්ගය වසා දැමීමටත් විකල්ප මාර්ග ඔස්සේ රථවාහන යැවීමටත් තංගල්ල පොලිසිය ක්‍රියාකර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ත්‍රාත්කාරයා, ප්‍රදේශයේ මන්ත්‍රී එක්ක එකතුවෙලා සල්ලි බෙදාගෙන, පස් දාලා පාර හදලා. මේ අයව කන්න ඕන.