ශ්රී ලංකාවේ සිට පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් නුවර දක්වා හෙට(28) ගමන්ගැනීමට නියමිතව තිබූ සියලු ගුවන්ගමන් අවලංගු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.
පාකිස්ථානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එරට ගුවන් කලාපය තාවකාලිකව වසාදැමීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම තීරණය ගෙන තිබේ.
කරච්චි සහ ලාහෝර වෙත ගමන් ගැනීමට නියමිත මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයින් හා සම්බන්ධ වීමෙන් හෝ www.srilankan.com නම් වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.
ගුවන්ගමන් නවතාලීම හේතුවන සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවත් ගුවන් මගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතම වැදගත්කම හෙයින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවත් ගුවන් සමාගම කියයි.
පවතින තත්ත්වය කිසිසේත්ම ගුවන් සමාගමට පාලනය කළ නොහැකි තත්ත්වයක් බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මනා විමසිල්ලෙන් පසුවන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කරයි.
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටෙන් කරකවලවත් යන්න බැරිද?