අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
අගමැතිවරයා පත්කළ ආකාරය සුදුසු නැතැයි විරෝධය දක්වමින් කලූපටි සහ කලූ පැහැති සාටක පැළඳ ප‍්‍රාදේශීය සභා මාසික රැස්වීමට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ සභිකයන්ට සභා ගැබෙන් ඉවත්වන ලෙස කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ සභිපතිවරයා කළ නියෝගයත් සමඟ අද (8) පෙරවරුවේ පැවති එම ප‍්‍රාදේශීය සභා මාසික රැස්වීම උණුසුම්කාරී විය.
කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ මුළු සභික ගණන 20කි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සභාපතිවරයා සමඟ සභිකයන් 11කි.
එක්සත් ජාතික පක්‍ෂයට සභිකයන් 6කි. ජනතා විමක්ති පෙරමුණට සභිකයන් 2කි. එක්සත් ජනතා නිදහස් සංවිධානයට එක් සභිකයෙකි.
සභාපති ටී.රූපසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (8) පෙරවරු 10.00ට පමණ කොලොන්න ප‍්‍රාදේශීය සභාව රැස්විණි.
එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් හය දෙනා කලූපටි සහ කලූපාට සාටක පැළඳ සභාවට පැමිණේදී ඔවුන් සමගම එක්සත් ජාතික නිදහස් සන්ධානයේ සභිකයා ද සභාවට පැමිණියේ ය.
එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් පැවසුවේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කළ යුතු බවයි. වර්තමාන අග‍්‍රාමාත්‍යවරයා පත් කිරිම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොළොන්න ප්‍රා. සභාව උණුසුම් වෙයි
rocky Thursday, 08 November 2018 08:00 AM
සභාපති කොහොමද ඒ නියෝජිතයන්ට පිටවෙන්න කියන්නේ? මොකෝ කොලොන්නාවේ ආදිපාදතුමාද?
RNG Thursday, 08 November 2018 12:47 PM
මොළයක් ඇති පිරිස් නම් කළ යුත්තේ නීති මාර්ගයෙන් කටයුතු කිරීම මිස විරෝධය දැක්වීම නො වේ ..