IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


‘‘කළුතරට ගව ඝාතකාගාරයක් එපා‘‘ හිමිවරු නගර සභාවට කඩා වදිති

(සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

ස්ථීර ගව ඝාතකාගාරයක් ඉදි කිරීම සඳහා කළුතර නගර සභාවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ යෝජනාවට විරෝධය පා භීක්ෂූන් වහන්සේලා පිරිසක් කළුතර නගර සභා රැස්වීම මැදට කඩා වැදී සිය විරෝධය ප්‍රකාශ කළහ.

මාසික රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව ඉදිරිපත් නොකරන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එම යෝජනාව සම්මත කර නොගන්නැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් එම භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටියහ.

දකුණු කළුතර  මරික්කාර් විදියේ පවත්වාගෙන යන තාවකාලික ගව ඝාතකාගාරයට ස්ථිර බලපත්‍රයක් ලබා දිය යුතු බවට සභා අනුමැතිය ලබා ගැනීම සඳහා වූ මෙම යෝජනාව සභාපති එම්.අමීර් නසීර් මහතා ඉදිරිපත් කරන බව න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

බෞද්ධ ජනතාව බහුතරයක් වාසය කරන  ඉමහත් ගෞරවයට පාත්‍ර වූ  කළුතර බෝධීන් වහන්සේ වැඩ වාසය කරන කළුතර නගරය තුළ මෙැවැනි හිංසාවාදී කටයුත්තක් සඳහා කළුතර නගර සභාව ස්ථීර අනුමැතියක්  හෝ බලපත්‍රයක් ලබා දීම නුසුදුසු බවත් මෙම යෝජනාවට විරෝධය පල කරමින් මහ සඝරුවන කියා සිටියේහ.

උතුරු කළුතර ගංගාරාමාධිපති හෙට්ටිපොළ සීවලී, ගංගාරාමවාසී මාතලේ සුනීත, ඈතගම ශ්‍රී විජයාරාමාධිපති මස්පන්නේ ගුණාලංකාර යන හිමිවරු ප්‍රධාන භික්ෂූන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (9)

‘‘කළුතරට ගව ඝාතකාගාරයක් එපා‘‘ හිමිවරු නගර සභාවට කඩා වදිති

rocky Tuesday, 13 July 2021 03:58 PM

ගවයින් මැරීම තහනම් කළා නේද? ඒක දැන් අමතක වෙලාද? මේ විදිහට ගවයින් ඝාතනය කරන්න ගියොත් අර 69 ලක්ෂය ඉක්මණටම වඳවෙන්න පුළුවනි..!!! 

:       145       118

samaraTuesday, 13 July 2021 05:43 PM

කලුතර නගර සභාව පාලනය කරන්නේ පොහොට්ටුව නෙවෙයි. අලියෙක්ද? ටෙලිෆෝන් එකක්ද කියන එක නම් හරියට දන්නේ නැහැ. කාලයක් තිස්සේ කලුතර නගරසභාව මහ නගර සභාවක් කරන්න හදන එක කට්ටියක් වළක්වනවා.. මහ නගර සභා සීමාව වැඩි කළාම සිංහල ඡන්ද වැඩිවෙන නිසා එතකොට ඔය ගවඝාතකාගාර අත්‍යාවශ්‍යයි කියන එක සාධාරනීකරණය කරන්න බැහැනේ. පොහොට්ටුව හොඳයි කියනවා නෙවෙයි ඒත් තියෙන පාලනය අනුව කලුතර බෝධියත් ඔහොම ගියොත් තහනම් කරාවි...

:       114       169

vijayamannaTuesday, 13 July 2021 07:54 PM

ඩිස්ලයික් 100ට වඩා දාලා තියෙන්නේ. අමිර් නසිර්ගේ සපෝටර්ලාද මේ? බොරුවක් නෙවෙයි මේ කතාව​. අමිර් නසිර් අලියා සහ දුරකථනය දෙකටම කකුල් දාගෙන ඉන්නේ. එයා 69 ලක්ෂයේ නෙවෙයි. කලුතර අලුත් මාකට් එක වෙළඳුන්ට දුන්නේ කොහොමද? කලුතර නගරයේ යන්නේ වෙනම පාලනයක්.. ඉස්සර යුඑන්පී එක නෙමෙයි දැන් තියෙන්නේ.

:       85       23

කිරිපුතා Tuesday, 13 July 2021 04:26 PM

මිනිසුන් සතුන්ගේ සියලු අයිතීන් උදුරාගෙන. මුලු පරිසරයම තමන් සතු කරගෙන. මිහිතලයම විනාශ කරමින් සිටිනවා. කොරෝනා යම් පණිවිඩයක් දුන්නා. එය තේරුම් ගත්තේ නෑ. ඊළඟ වතාවේ ස්වාභාවධර්මය මිනිස් සතා මේ මිහිපිටින් අතු ගා දමාවි...

:       20       118

හරි මල්ලී Tuesday, 13 July 2021 07:11 PM

සමහරක් ඈයො මෙම ආයතනවල සභිකයින් වෙන්න නොකරන වැඩක් නැහැ. මෙම ආයතන නඩත්තු කරන්නේ මෙම ගව ගාථනාගාරවලින් ලැබෙන ආදායමින්, මස්කඩවලින් ලැබෙන බදුමුදලින් සහ අනවසර මත්හල්වලින් උසාවි හරහා ලැබෙන දඩ මුදලින් සහ තවත් සුළු ආදායම් වලින් කියලා කියන්න පුළුවනි. මෙහි සේවකයිනුත් සභිකයිනුත් ජීවත් වෙන්නේ මෙම ආයතන වලින් ලැබෙන මුදල් වලින්... ඉතින් ඒවා වළක්වා පව්කාරයින් වෙන්න කැමති අයත් ඉන්නා බවක් පේනවා...

:       5       23

dhamneth Tuesday, 13 July 2021 04:27 PM

බෞද්ධයකු වශයෙන් මගේ අදහස නම් අපේ හාමුදුරුවරු මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.

:       161       24

අරුණසිරි Tuesday, 13 July 2021 06:21 PM

ලංකාවටම ආගමික ස්ථානවල තියෙන කරදරකාරී ලවුඩ්ස්පීකර් එපා...!!!

:       2       50

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 13 July 2021 07:54 PM

මම නිර්මාංශිකයෙක්. ඒත්, අනිත් අයගේ අයිතියට ගරු කරන කෙනෙක්. ඔය කළුතර බේරුවල දර්ගා නගරය පැත්තේ එක්තරා ආගමිකයන් අහිංසක ගවයන් ඝාතනය කරනා හැටි මා දැක තිබෙනවා. අඩුම තරමේ පරපණ නැසුවත්, සුද්දා ඒ සතාට වද නොදී සිහි නැතිකොට ඒ දේ කරන්නවත් දන්නවා. ඒ වුණත් ඉහත කී අමනුෂ්‍ය මස් වැද්දන්, ගවයන් මැරීමට පෙර ඒ සතුන්ගේ අවයව පණ තියෙද්දීම කපාදමා උඩපැන පැන සතුටු වෙන්නේ කිසිම හිතක් පපුවක් නැති අය වගෙයි. කරුණාකර මේවා නුදුටු අය කෙසේ හෝ මේවා සියැසින් දැක ගන්න. එදාට ඔයාලාට ඒ සතුන් විඳිනා අනන්ත දුක් කන්දරාව ගැන අපමණ දුකක් ඇතිවේවි. බෙල්ලත් සම්පූර්ණයෙන්ම කපා වෙන් කරන්නේ නැහැ. ඒ නිසා සතා මියයන්නේ බොහෝ වේදනා විඳලයි. අනිත් සතුන් බලා සිටියදීම, සතුන්ගේ බෙලි කපනවා. පිහිය බෙල්ලට තියනා විටම සතාගේ ඇස්වලින් උණු කඳුළු වැගිරෙනවා. මෙවන් වැඩ කරනා නරුම මිනිසුන් මේ රටට මහා ශාපයක්...

:       109       182

චින්තක Wednesday, 14 July 2021 12:44 AM

මට තියන එකම ප්‍රශ්නේ මේ වගේ සත්‍ය ප්‍රකාශයකට "ඩිස්ලයික්" දාන සෙට් එක කවුද කියලා? ඉස්සර ලංකාදීප කියෙව්වේ මොලයක් තියන මධ්‍යස්ථ පාඨකයින්. පේන විදියට දැන් "ඩිස්ලයික්" දාන්නම අන්තවාදීන් සෙට් එකක් වැඩේට බැහැලා වගේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 150 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 307 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 598 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site