IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


කළගෙඩිහේනේ මැර ප්‍රහාරයට යොදාගත් ඩිෆෙන්ඩර් රිය සොයාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහර දීමට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් හා ඩිෆෙන්ඩර් රථය අද (19) රාත්‍රී පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඉකුත් 16 වැනි දින මෙම පහරදීම සිදුකළ අවස්ථාවේදී එහි රියදුරු පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා පැමිණිල්ලක් කර තිබූ අතර ඊයේ (18) දින ගාල්ල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබිණි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා ගමන් ගත් පුද්ගලයෙක් අද (19) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර වීමෙන් පසු අත් අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මහරගම ඇල්හේන ප්‍රදේශයේ නිවසක ඩිෆෙන්ඩර් රථය නවතා තිබෙන බවට මහරගම පොලිසියට ලද තොරතුරක් අනුව අද රාත්‍රීයේ පොලිස් බාරයට ගනු ලැබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අත් අඩංගුවට ගනු ලැබූ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වන මතුගම පදිංචි හේවගේ ගාමිණි විජේසූරිය  හා එම ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් වන පොලොන්නරුව අරලගන්විල පදිංචි සුසන්ත බණ්ඩාර නැමැත්තාගෙන් ප්‍රශ්න කරන බව කොළඹ  අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

 



අදහස් (25)

කළගෙඩිහේනේ මැර ප්‍රහාරයට යොදාගත් ඩිෆෙන්ඩර් රිය සොයාගනී

kolam boss Friday, 19 July 2019 05:57 PM

එදා මහා පාරේ කෙරුමන් වගේ හැසිරුණු අය දැන් බල්ලන් වගේ ඉන්නවා දකින්නත් ආසයි .

:       3       1321

raviSaturday, 20 July 2019 08:40 AM

මුන්ට.. බල්ලෝ.. කියලා, බල්ලන්ට නින්දා, අපහාස කිරීමට නම් මම විරුද්ධයි..!

:       1       320

Amila Friday, 19 July 2019 06:38 PM

ජනාධිපති සිහින මැවූ ගණිත ගුරාත් ඉවරයි ! ඩෙෆෙන්ඩර් හුටපටේ නොවෙන්න එහෙම වෙන්න අපේක්ෂකයෙක් ගැන දැනන් හිටියේ නෑනේ. එන ජනාධිපතිවරණය සමහරවිට අපේක්ෂකයෝ හැටහුටහමාරක්ම ඉඳීවි වගේ... එක්කෙනෙක් අර රටේ නායකයා වුණා විතරයි පිස්සන් ඔක්කොටෝම ඕන නායකයා වෙන්න !

:       3       1180

RaveendraSaturday, 20 July 2019 02:26 AM

අමිල ඇත්තෙන්ම ඔබේ අදහස් නිවැරදිය.

:       0       0

Nuwan Saturday, 20 July 2019 04:54 AM

එතුමා සිය සුදුසුකම් ප්‍රදර්ශනය කලා වෙන්න බැරිද ?

:       0       2

LotusSaturday, 20 July 2019 05:58 AM

එක් කෙනෙක් නෙවෙයි, දැන් දෙන්නෙක්ගේම වෙස් මුහුණු ගැලවී ගියා. කුණු ටොන් ගණනින් ⁣ගෙනාපු කෙනාගෙත් සැබෑ මුහුණ ජනතාවට පෙනුණා.

:       3       615

අනුරSaturday, 20 July 2019 05:23 PM

හොඳ වෙලාවට කැමරාවේ සටහන් උනේ. නීතිය අතට ගෙන මැරකමින් අහිංසක මිනිසුන්ට තලා පෙලා අයුක්තිය රජකරණ කාලයට තව ඇත්තේ ඉතාමත් කෙටි ආයුෂ ප්‍රමාණයක් වන අතර මහඡනයාගේ ඉවසීම ඉක්මවා ගොස් ඇත්තේ බොහෝ කාලයකට පෙරය. මෙවර මැතිවරණයේ දි නිසි පිලිතුරක් ලැබේවා! ඡයවේවා!

:       0       0

chandima Friday, 19 July 2019 07:22 PM

හපාකපු බල්ලෝ අල්ලලා වැඩක් නැහැ. උන්ට උසි කිව්වා, උන් හපාකවලා . උන්ව උසිගන්වපු හාම්පුතව තමයි සොයාගන්න අවශ්‍ය.

:       0       0

Chanak los angeles Friday, 19 July 2019 09:11 PM

ලාංකිකයන් ඕනෑම දෙයකට අත ඔසවන සංකර සිරිතෙන් බැහැර වෙන්නෙම නැහැ. මේ ගැටීම් ඇතිකර ගන්නේ උඩඟුකම, පුහුමාන්නය ඔලුවේ තියාගෙන ඉන්න නිසයි. ඒ අය හිතන්නේ අපි ඉන්නේ රටේ බලවතෙක් ලඟයි අපිට උඩින් යන්න වෙනත් අයට බැහැ අපි මොන දෙයකට පැටලුනත් අපේ ප්‍රධානියා ඒවා ඔක්කොම බලාගනියි කියන මානසිකත්වයෙනි. ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මම නම් මෙරටේ තිබෙන පිරිසිඳු නීතිය ඉතා සුවසේ භුක්ති විඳිනවා. වාහනයකට ඉඩ නොදීම නොව වාහනයක් කුඩුවෙන්න හැප්පුවත් මිනිසෙකු විසින් තවත් කෙනෙකුට පහර දීමක් තබා බහින්බස් වීමක්වත් දකින්නට නම් නොලැබෙන තරම්ය. ඔවුන්ට එම හොඳ ගතිගුණ පුරුදුව තිබෙන්නේ බන පිරිත් අහලා නොවේ. උදේ සිට හවස දක්වා බන පිරිත් ඇසෙන ලංකාවේ ඇයි මේ ?

:       0       0

ajith Friday, 19 July 2019 09:52 PM

වීඩියෝ ගත කල අයට සහ බය නැතුව මෙය පැමිණිලි කිරීමට ඉදිරිපත් වූ රියදුරු මහතාට මගේ ප්‍රණාමය.

:       0       0

සෙනෙවිරත්න Saturday, 20 July 2019 02:55 AM

මෙසේ අහිංසක මිනිස්සුන් වෙත භිෂණය මුදාහරින අය සතු මෙම වාහන වල බලපත්‍ර අවලංගු කරන්න

:       0       0

සෙනෙවිරත්න Saturday, 20 July 2019 02:57 AM

මෙවන් නූගත් ආරක්ෂකයන් තබා ගන්නා හීනමානයෙන් පිරි මෝඩයන් දෙවරක් සිතිය යුතුය

:       0       0

සෙනෙවිරත්න Saturday, 20 July 2019 03:16 AM

මාධ්‍ය වගකීම වන්නේ මෙය යට ගැසීමට ඉඩ නොදි නවතම තත්ත්වයන් නිතර හෙලිකරමින් සිටීමයි.

:       0       0

මංජුල Saturday, 20 July 2019 05:05 AM

2020 දැනට දෙන්නෙක් අවුට්..... කුණු මුදලාලි ගණිත ගුරයි

:       0       1

kris Saturday, 20 July 2019 06:06 AM

අර කතාවක් තියෙන්නේ රජ කෙනෙක් ආරක්ෂාවට කඩුවක් යාලු වඳුරෙකුට දීලා නිදාගත්තා කියලා... ඒක මතක් වුණා මේ කතාව දැක්කම...

:       0       384

සේන Saturday, 20 July 2019 07:00 AM

අන්තිමය වෑන් රථයේ රියදුරු මොවුන්ට පහරදී අැති වගත්, මොවුන් ඉතා අහිංසක පිරිසක් වගත්, වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගතයුතු වගත් කියැවුණහොත් අපි පුදුම නොවෙමු. කිම්දයත් එයයි වර්ථමාන පාලනය...

:       32       304

apoi Saturday, 20 July 2019 07:47 AM

ඔය ගහන ආරක්ෂක නිලධාරින් සියල්ලම පාහේ හිටපු හෝ පැනගිය හමුදා හෝ පොලිස් ඈයො නේද? මගේ අම්මෝ අද මම නම් එදා කොහොම ඉන්න ඇද්ද?

:       1       170

ravi Saturday, 20 July 2019 07:56 AM

කවද්ද අපේ ශ්‍රී ලංකාව මේ මුඩුක්කු සංස්කෘතියෙන් මිදෙන්නේ? ජනාධිපතිලගේ ඉඳලා පදික වේදිකාවේ ඉන්න අයට යනකන්.. රස්තියාදු කාරයෝ. අයි.ආර්.සී. කාරයෝ.. මුඩුක්කුකාරයෝ.. ! මෙවැනි ප්‍රවෘතීන් අපේ රටේ ඉන්න විදේශිකයන්.. තානාපතිලත් කියවනවා නේද..? මේකද අපේ ජාතික සහ සංස්කෘතික " අභිමානය? "

:       0       211

RaveendraSaturday, 20 July 2019 09:49 AM

රවී මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. අප රටේ ඉහළ සිට පහළ දක්වා රස්තියාදුකාරයන් පත්වීමේ ඵලවිපාක සියලුම පුරවැසියන් රිසිසේ භුක්තිවිඳිමින් පවතිනවා... තිරිසනුන්ට නිල ඇඳුම් ඇන්දවීමත් ඉතා භයානකයි. ඔබ සිතනවාද දියවන්නා ඔයේ 225 මේ බව නොදන්නවා කියා? එම බූරුවන් 225ත් හැසිරෙන්නේ මේ ආකාරයට නොවේද?

:       0       249

Bamunuarachchi Saturday, 20 July 2019 10:54 AM

මේ පොලොන්නරුව පැත්තේ බයියෙක්ද? මේ පැත්තේ ගණන් දාලා තිබෙන්නේ... මගේ කෙනෙකුට වුණානම් මම ... ඉතුරු හරිය පස්සේ.

:       271       161

RanilSaturday, 20 July 2019 01:05 PM

රටින් පිට ඉන්න හින්දද පොර ටෝක් දෙන්නෙ අන්කල්?

:       0       1

Chanak los angelesSaturday, 20 July 2019 04:28 PM

අර කට්ටිය මිනිසුන්ට මොනතරම් අරියාදු කර ඇත්ද . එවුන්ටත් බැරිද මොනවා හරි කරන්න ?

:       0       11

කරුණාපාල Saturday, 20 July 2019 01:52 PM

මට නිකමට හිතුණා මේ සුනඛයින් රැල පොළොන්නරුවේ පැත්තේ වෙන්න ඕනෑ කියලා. බල්ලා ස්වාමියාගේ බලය ඔලුවට අරගෙන වෙන්නත් පුළුවන්... නැත්නම්, ගණන් උගන්වලා විතරක් මේ වගේ අවලම් වැඩක් කරන්න බැහැ. හා එහෙම නෙමේද?

:       205       46

Nuwan Saturday, 20 July 2019 03:58 PM

දැක්කද දැනට දේශපාලකයෙක් නොවන නිසා පට ගාලා අත්අඩංගුවට ගන්නවා.. මේක ඇමතියෙකුගේ අය කළා නම් වෑන් රියැදුරු කූඩුවේ...

:       0       0

Don Sunday, 21 July 2019 02:08 AM

කෝ ප්‍රාඩෝ එක? කෝ එකේ හිටිය උත්තමයෝ? මුන් මේ වාහන අරගෙන ගිහින් කාටද පුප්පන්නේ? සුදු ඇඳගෙන ඉන්න මැරයෝ ගැන ජනතාවට කියන්න. මුන් ආරක්ෂක හමුදාවලින් පැනපු අය

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හිටපු ජනපතිවරුන්ගේ නිවාසවල වටිනාකම මනින්න යයි
2025 ජනවාරි මස 21 947 0

හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.


ගල්වලේ සේවකයෙක් සිරවී මරුට
2025 ජනවාරි මස 20 619 0

ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි ප


ට්‍රම්ප් දිවුරුම් දෙයි
2025 ජනවාරි මස 20 728 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.


හිටපු ජනපති මහින්ද නිවසින් යන්න සූදානම්
2025 ජනවාරි මස 20 1840 0

මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහ


ගොවීහූ වී කිලෝවකට රුපියල් 140ක් ඉල්ලති
2025 ජනවාරි මස 20 589 0

වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (20) පැවසීය.


දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්
2025 ජනවාරි මස 20 61 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 400 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 614 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 333 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site