IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කහ කිලෝ 1380 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

ලුණු ප්‍රවාහනය කරන මුවාවෙන් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝ 1380  ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මන්නාරම , ශාන්තිපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.

කහ ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.

ලොරි රථයක් තුළ පටවා තිබූ නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගය පොලිස් බාරයට ගෙන ඇත.

ලොරි රථයේ ලුණු සමඟ සූක්ෂම ලෙස සඟවා වියළි කහ තොගය මීගමුව ප්‍රදේශයට රැගෙන යමින් තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පවසයි. 

 ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු ඔස්සේ මෙම කහ තොගය මෙරටට රැගෙනවිත් තිබූ බවට සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

මෙරට තුළ පවතින වියළි කහ හිඟය හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට වියළි කහ රැගෙන එන බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම ,පල්ලිමුණෙයි  ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 හැවිරිදි පුද්ගලයෙකි.



අදහස් (2)

කහ කිලෝ 1380 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

පුරවැසියා Tuesday, 08 September 2020 06:35 AM

මේක හරිම වැඩක් තමයි. රජයෙන් කහ ගෙන්නන්නේත් නෑ. ගේන අයත් අත්අඩංගුවට ගන්නවා. අල්ලන කහ මොනවා කරනවද කියලා දන්නෙත් නෑ. හරියට ගංජා අල්ලනවා වගේ අල්ලනවා..

:       0       1

isurandi Tuesday, 08 September 2020 06:49 AM

කහත් දැන් මුතු මැණික් හා සමානයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site