
(ඉන්දිකා රාමනායක)
ජත්‍යන්තර නීති රිති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට කසල අපද්‍රවය බහාලුම් 263 මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එංගලන්තයේ සමාගමෙන් වන්දි ලබා ගැනීමට ඉදිරියේ කටයුතු කරන බව රේගුව පවසයි.
මේ සම්බන්ධයෙන් සිදුවන අධිකරණ ක්‍රියාවලිය නිමවීමෙන් පසු වූ අදාළ වන්දි මුදල ලබා ගැනීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් බලධාරීන් සමග ඉදිරියේ එංගලන්ත මහ කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා පවත්වන බවද සුනිල් ජයරත්න මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් එංගලන්තය සමඟ පැවැත් වු සාකච්ඡාවකින් ඔවුන් බහාලුම් කිහිපයක් නැවත ගෙන්වා ගැනීමට කර තිබූ එකගතාවකට අනුව ඉතුක් (26) දින කසල බහාලුම් 21ක් නැවත ප්‍රතිනැව්ගත කර තිබුණි.
රේගු නීතිය උල්ලංඝනය කරමින් 2017 වසරේ දෙසැම්බර් මස මෙරටට ගෙන්වා ඇති මෙම බහාලුම් වල තිබි එරට නිවාස වලින් ඉවතලූ දෑ මෙන්ම නාගරික අපද්‍රව්‍ය තිබු බව රේගුව පවසයි.
ශ්‍රී ලංකාව හා එංගලන්තය යන දෙරටම පාර්ශවකරුවන් වන ජාත්‍යන්තර සම්මුතියක් වන බාසල් සම්මුතිය යටතේද මෙවැනි ඒවා එවීමට පෙර ආනයනය කරන රටින් පූර්ව අවසර ගැනීම කොන්දේසියක් බවත් මෙහිදී මෙම කොන්දේසිය කඩවී ඇති බව රේගුව පවසයි.
(ඡායාරූපය ටී.කේ.ජි කපිල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ කසල මෙරටට ආනයනය කරපු, රාහු කාලය පන්නලා වැඩ කරන , කෙනාව අල්ලගන්නේ නැත්තේ ඇයි..? ඔහුගේ දේශපාලන හයියට බයේද...?
බහාලුම් 21ක් නැවත එංගලන්තයට යැව්වා කිව්වට, කොළඹ වරායෙන් ගිහින් වටෙන් කැරකිලා ආපහු හම්බන්තොට වරායට ගොඩ බායිද දන්නැහැ. එහෙම වුණොත් පුදුම වෙන්න දෙයක් නැහැ.
‘‘මේඩ් ඉන් එංග්ලන්ඩ්‘‘ නම් බඩු නියමයිනේ...!!! අපරාදෙ ආපහු යවන්නේ. ඕවා පැකට් කරලා විකුණන්න පුළුවනි කොත්තු රොටි හදන්න. ඊට පස්සේ අපි ඒවා එංගලන්තයට අපනයනය කරමු..!!!