(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කැස්බෑව රාජ්‍ය බැංකුවක මුදල් අයකැමි නිලධාරිනියකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම ශාඛාව අද (19) දා සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.
ඒ අනුව එම ශාඛාවේ සේවය කරන කළමනාකාර තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීවරිය පැවසුවාය.
බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි ආසාදිත කාන්තාව අවසන් වරට සේවයට පැමිණ ඇත්තේ ඊයේ 18 දා වන අතර එදින සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵලය අද (19) ලැබීමත් සමග මේ බව තහවුරු වී ඇති බව පැවසේ.
ඒ අනුව බැංකු ශාඛාව මේ වන විට සම්පූර්ණයෙන් විසබීජහරණයට ලක් කර මෙසේ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් එම ශාඛාව විවෘත කිරීමට අවශ්‍ය නම් වෙනත් කාර්ය මණ්ඩලයක් යොදවා විවෘත කිරීමට හැකි බව බලධාරීන්ට දැනුම් දුන් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
කැස්බෑවේ රාජ්‍ය බැංකුවක් වහයි