IMG-LOGO

ක්ෂුද්‍ර මූල්‍ය ණය කෝටි 125ක් කපා හැරේ

(රංජන් කස්තුරි)

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය රුපියල් කෝටි 125ක් රජය මගින් කපා හැර තිබේ.

එම කාන්තාවන් ලබාගෙන තිබූ ණය රජය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ගෙවා ඇති අතර එම ගෙවූ බවට සහතික පත්‍රයක් කාන්තාවන්ට ලබාදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට ණය නිදහස් කිරීමේ සහතික පත්‍ර ලබාදීම 14 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වේ.

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් පරිභෝජනය නොවන කටයුතු සඳහා ලබාගත් රුපියල් ලක්ෂයකට අඩු ණය මෙලෙස කපා හැර ඇත.

 

 



අදහස් (13)

ක්ෂුද්‍ර මූල්‍ය ණය කෝටි 125ක් කපා හැරේ

lanka Tuesday, 12 February 2019 01:35 PM

ඉතාමත්ම හොඳ ක්‍රියාවක්. නමුත් නියත වශයෙන් කල යුත්තේ, මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කොට ඔවුන් විසින් ගිනි පොලියට ණය දී මිනිසුන් සුරා කෑම වලක්වීමයි.

:       0       121

prabha Tuesday, 12 February 2019 04:18 PM

හොද වැඩක් නමුත් සුළු ජාතික ඡන්ද බලාගෙන කරන වැඩක් වගේ පෙන්නේ. සැමටම සාධාරණයක් වෙන වැඩ පිළිවෙලක් ගෙනාවොත් නරකද?

:       80       87

winith Tuesday, 12 February 2019 04:41 PM

උතුරේ අයට විතරයි.. ඒත් මම බැලුවා මොකෝ මේ අනුකම්පාව කියලා..

:       30       139

කන්ජිපානි ඉම්රාන් Wednesday, 13 February 2019 01:52 AM

දකුණේ සිංහල ඉස්කෝලවල දෙමළ උගන්වනවා,උතුරේ -සිංහල උගන්වන්නේ නැහැ .උතුරේ ගංගා මෝය කටෙන් වැලි ගොඩ දැම්මොත් නීති විරෝදී නැහැ දකුණේ එහෙම කරන්න බැහැ මේක තමයි අවංක වික්‍රමසිංහ ගේ සංහිඳියාව.නය ගෙව්වොත් චන්දෙ හම්බෙන්නේ දකුණේ,උතුරේ ඉන්නේ ගුණ මකුවෝ

:       27       120

KANDEPOLA Wednesday, 13 February 2019 02:40 AM

අසරණ මිනිස්සුන්ගේ ණය ගෙවලා දැන් එක හොඳයි. නමුත් ඔය වැඩේ කොච්චර කල්, කී වතාවක් කරන්නද ? කල යුතු දේ, ලබා ගන්න ණය වෙලාවට ගෙවිය හැකි ආර්ථිකයක් මේ රටට ඇති කිරීමයි. එතකොට හැමෝම ණය ගනියි, වෙලාවට ගෙවයි.

:       0       25

Sanath KandyWednesday, 13 February 2019 04:01 AM

මේ මිනිස්සු ණය ගන්නේ විශේෂයෙන් ගොවිතැන් කටයුතු වලට. නියගයෙන් වගාවන් විනාශ උනාම කොහොමද මේ අය ආපහු ණය ගෙවන්නේ. රටක ආණ්ඩුවක් තියෙන්නේ මේ වගේ මිනිස්සු ආපදාවකට ලක් උනාම සහන සලස්වන්න තමයි. අපි විරුද්ධ වෙන්න ඕන දේශපාලකයනට සුකොපභෝගී ජිවිත ගත කරන්න ජනතාවගේ බදු මුදල් වලින් යාන වාහන, දීමනා, රට සවාරි ලබා දෙමින් කරන නාස්තිකාර වියදම් වලට. නැතුව මේ අසරණ මිනිස්සුන්ට සහන දෙනවට නෙවෙයි.

:       0       86

දිලුම් Wednesday, 13 February 2019 03:18 AM

උතුරේ හා නැගෙනහිර විතරලු මිනිස්සු ණය අරන් තියෙන්නේ. . රටත් කාල අපිත් කාල උන් විතරක් වැජඹෙනවා. දෙමලගෙ ණය ගෙවන්නත් අපි බදු ගෙවන්න ඕන. සිංහලයා උන්ට බදු ගෙවල සිංහලයාගේ ණය ගෙවන්න තෙනෙක් නෙතුව බෙල්ලෙ වැල දාගෙන එල්ලෙන්න ඕන. මෙහෙමත් සිංහල කාලකන්නි පාලකයො.

:       511       516

මාවිල්මඩ වජිර හිමි Wednesday, 13 February 2019 03:51 AM

ඔබගේ අදහස් ගැන ලැජ්ජයි දිලුම්. හැම දෙකටම ජාතිවාදය ඇදල ගන්න එපා. මේ පුවතේ පැහැදිලිවම කියනවා දිස්ත්‍රික්ක දොළහක කියලා. ඒ කියන්නේ උතුරු පළාතේ විතරක් නෙවෙයි. ලොකුම වාසිය ලැබෙන්නේ රජරට පළාතේ කාන්තාවන්ට. මේ ආණ්ඩුව කාලෙකට පසුව දුප්පත් ජනතාව ගැන සිතා ගත් ඉතා හොඳ තීරණයක්.

:       1       112

Sriyantha Gunaratne Wednesday, 13 February 2019 05:19 AM

උත්සවයට වියදම , එම පිරිස ගත්තු ණය වලටත් වඩා වැඩි වෙයි ..

:       1       0

samantha Wednesday, 13 February 2019 05:34 AM

දැන් කරන්න තියෙන්නේ මේ ක්ෂුද්‍ර මුල්‍යය සමාගම් නියාමනය කරන එක . ඒ සමාගම් කල යුත්තේ ව්‍යාපාර වලට ණය දීම මිස පරිබෝජනයට ණය දීම නොවේ.

:       0       8

Kapila Wednesday, 13 February 2019 06:47 AM

ණය නිදහස් කරනවා කියන්නේ රජයෙන් එම ණය ගෙවලා දාලා ඒ බරත් පොදු මහජනයාට දෙන එක. කරන්න ඕන ක්ෂුද්‍ර මුල්‍ය ක්‍රමවේදය හදන එකයි.

:       0       1

Bamunuarachchi Wednesday, 13 February 2019 04:11 PM

මෙය රටේ බදු ගෙවන ජනතාව බිල්ලට දීලා ඡන්ද රැස් කරන ව්‍යාපාරයක්.

:       0       0

Rohana Thursday, 14 February 2019 09:22 AM

කපාහරින ණය ප්‍රමාණයේ වටිනාකම අදාල මූල්‍ය ආයතනවලට රජයෙන් ආපසු ගෙවනවා. එතකොට එම ආයතනවලට සිදුවන පාඩුව අවමයි. ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩුවෙද්දීත් ඊයේ, පෙරේදා තෙල් මිල වැඩිකළේ බදුවලින් එම අරමුදල් සපයාගන්න නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 450 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 888 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site