( +++ සුජිත් හේවාජුලිගේ)
රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින්, රාජගිරිය ප්‍රදේශයේ නව මහල් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය එතැනින් වහාම ඉවත්කර එම අමාත්‍යාංශය පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට රැගෙන යෑමට අනුමැතිය ගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතය.
කුලී මුදල් විශාල වශයෙන් ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ හා රජයේ ආයතන ඒ ස්ථානවලින් ඉවත්කර නැවතත් රජයේ ගොඩනැගිලිවලට ගෙනයෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය එම පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කෙරෙන්නේද ඒ අනුවයි.
කෘෂිකර්ම අමාත්‍යංශය ගොවිජන මන්දිරයෙන් ඉවත් කර රාජගිරියේ මෙම පෞද්ගලික ගොඩනැගිල්ලට රැගෙන ගොස් තිබුණේ 2016 වර්ෂයේදීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ මේ ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට ගෙවන කුලී මුදල රුපියල් දෙකෝටි හතළිස් දෙලක්‍ෂයකි.
මේ අනුව මේ දක්වා වූ කාලයේදී එම පෞද්ගලික ගොඩනැගිල්ල වෙනුවෙන් ගෙවා ඇති කුලී මුදල රුපියල් අසූහය කෝටි හතළිස් ලක්‍ෂයකැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලකට රැගෙන යෑමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණේ 2015 වර්ෂයේ සැපතැම්බර් මාසයේදීය.
කැබිනට් අනුමැතිය ලැබී තිබුණද ඒ ගොඩනැගිල්ල යථාවත් කර ගැනීමට සිදුවූ හෙයින් අමාත්‍යාංශය මාස අටක පමණ කාලයක් තිස්සේ ඒ ස්ථානයට රැගෙන යෑමට නොහැකි වූ අතර ඒ මාස අටක කාලය වෙනුවෙන් ද කුලී මුදල් ගෙවා තිබූ බව කියති.
මේ ගොඩනැගිල්ල වෙනුවෙන් ගෘහ උපකරණ හා විදුලි සෝපානයක් මිලදී ගැනීම සඳහා ද රුපියල් කෝටි 50ක පමණ මුදලක් රජය වැයකර තිබිණැයි අනාවරණය විය.
කෘෂිකර්ම අමාත්‍යාංශය කලින් පවත්වාගෙන ගිය බත්තරමුල්ල ගොවින මන්දිරයේ මේ වනවිට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්‍ෂණ කාරක සභා පවත්වාගෙන යන අතර ඒ කාරක සභා මේ අනුව නැවතත් පාර්ලිමේන්තුවට රැගෙන යෑමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.
ආංශික අධීක්‍ෂණ කාරක සභා එහි රැගෙන ඒමට ප්‍රථම ගොවිජන මන්දිරය පිලිසකර කෙරුණු අතර ඒ පිළිසකර කටයුතු සඳහාද රුපියල් කෝටි ගණනක මුදලක් වැය කෙරිණ.
COMMENTS
ඉතාම හොදයි, හැබැයි මේ බොරුවට වියදම් කරපු බිලියන 1.3 මුදල අපහු අයකරගන්න. මේවා කවුරුවත් ගෙදරින් ගෙනාපු සල්ලි නෙවෙයිනෙ.. අහිංසක මිනිස්සු කන බත්පතේ ඉදල ගෙවපු බදු සල්ලි..
තමන්ගේ හෝ හිතමිතුරන්ගේ ගොඩනැගිලි රජයට කුලියට දීල සාක්කු පුරවා ගන්න ක්‍රමය දේශපාලකයෝ කාලයක සිට කරනවා. පහුගිය අවුරුදු 20 කට වැඩිය පාස්පෝර්ට් කන්තෝරු පවත්වාගෙන ගියේ එවැනි ගොඩනැගිලිවල. දැන් රජයට මුක්කු ගහපු හිටපු කෘෂිකර්ම ඇමැතිත් කලේ ඒක. සෙත්සිරිපාය අලුත් ගොඩනැගිලි අපි රජයේ කියල හිතුවට ඒවගේ කුලිය යන්නෙත් හෙන්චයියන් දාල හදාගත්තු සමාගම් වලට කියන එකත් බොහෝ දෙනා නොදනී.
වැඩේ බොහොම අගෙයි . ටයි සුට් ඇඳගෙන ගොවිතැන් කරන්ඩ බැහැ. හරියට ගොවිතැන් කෙරෙන්නේ දඹුල්ල , අනුරාධපුරය වැනි පළාත් වල මෙම දෙපාර්තුමේන්තුව කුරුණෑගලින් එහාට ගෙනි යන්න ඕනේ . ඔය වැඩ කරන නිලධාරීන් ගොවිපොළවල් වලට,කුඹුරුවලට ,සත්ව ගොවිපොළවල් වලට ගිහින් ගොවින් සමග වැඩ කරන්න පුරුදු කරන්න ඕනේ . එහාකොට තමයි වැඩේ කෙරෙන්නේ .
කාගෙ සල්ලිද .. මේවා අනුමත කරපු මහා එවුන් අත්අඩංගුවට ගෙන අදාල මුදල් නැවත අයකර ගත යුතුයි ..
කුලියට ගත්ත එකා කෝ දැන් ?
ජයවේවා. හැබැයි දුමින්දට රිදිලා ආපහු යන්න ඉඩ තියෙනවා. ඔන්න ඔහේ ගියදෙන්. ඕනනම් තනියට දයාසිරිවත් අරන් යන්න.
රටටම කන්න දෙන්න තිබ්බ ඒ සල්ලි වලින්,, කාවද මෙහෙම පොහොසත් කරන්නේ? මොකක්ද මෙහෙම තැනකට විශාල මුදලක් වැය කරලා ලබපු ප්‍රති ලාබෙ...
තව බිල්ඩිමකට යන්න තව ත් බඩු , විදුලි සෝපාන ගන්න වෙයිද ? මේ බිල්ඩිමම සල්ලි වලට ගත්තනම් හොඳයි වගේ ???
මේ මුදල් නාස්තිය කල රනිල්ව වහා අත්අඩංගුවට ගත යුතුය. බොන්ඩ් වන්චාවේ මහමොලකරුද ඔහුය. ඔහුගේ ප්‍රජා අයිතියද අහෝසි කල දැමිය යුතුය.
ඕක කුලියට ගත්ත එකා මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමති කෙනෙක් නේද.
මේ අර අරයගෙ බිල්ඩිම නේද ? 2015 චන්දෙට වියදන් කරපු මුදල් ඔය බිල්දිමෙන් තමයි ගත්තේ එහෙනම්
හොද වැඩේට හොදයි කියන්න ඕනි
පහුගිය රජයේ 2 වෙනි ලොක්ක තමන්ගේ ගොලයෝන්ට ඕනේ ඕනේ විදිහට නාස්ති කරන්න සල්ලි බෙදුවේ හරියට සෙල්ල කතරගම දොදොල් සාම්පල් දෙනවා වගේ . ඒ ඔක්කොටම ඉඩදීලා මහජනතාව අතරට ඇවිල්ල කියුවේ රට කරන්නයි ණය ගෙවන්නයි සල්ලි මදි තව ණය ගන්න ඕනේ කියල.
මේවගේ වැඩ යලි නෙකෙරෙන්න නීති සම්පාදනය කරන්න ඕනේ. දේශපාලනයෙන් හම්බ කිරිල්ල නවත්වන්න දැඩි නීති ගෙන්න ඕනේ. මේ ඔක්කොම අන්තිමට ගෙවන්න ඕනේ සාමාන්‍ය ජනතාව. මේවා මහා හෙන ගහන වැඩ.
මහජන මුදල් කොල්ල කකා තව තව ණය අරන් රටේ මිනිසුන්ව ණය කරපු දේශපාලුවෝ. මේ අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න ඕන . .
මොනවා කිව්වත් අපේ රටේ සල්ලි. පුද්ගලික වේවා ආණ්ඩුවේ වේවා අන්තිමේදී ඕවට යන මුදල් වලින් වැඩිපුර කොටසක් විදෙස් විනිමයට අදාලයි. අලුත් තැනකට යන්න වියදම් කරන්න ගියත් අවශ්‍ය විදියට වෙනස් කරන්න වියදම් කරන්නේ අපේ රටේම සල්ලි තමා. ඒ විදියට බැලුවොත් සාකච්චා මාර්ගයෙන් කුලිය අඩු කරගෙන හෝ ගිවිසුම් කාලය ඒ බිල්ඩිමේම ඉන්න එක වාසි නැතිද?
ලෝකේ මහා විහිළු තරගය කියල එකක් තිබ්බොත් ලංකාව පළවෙනිය වෙනවා මොකද කෘෂිකර්ම අමාත්‍යංශ බිල්ඩිමකට මාසෙකට කෝටි ගණන් කුලී ගෙවන්නත් ගොවියා යටිතල පහසුකම් නැතිව කුබුරු ගොවිතැන් අතහරින තත්වයට පත් වෙලා තියෙන ලෝකෙන් එකම රට මේ සිරි ලංකාව. ඒ වගේ අක්‍රමිකතාවක් කොරපු පුද්ගලයෙක් ආණ්ඩුවේ රාජ්‍ය ඇමති කෙනෙක් වීම තමා අනෙක් ලෝක පුදුමය. මොක උනත් හැමදාම කියනවා වගේ මේ අසිරිමත් රට කෑවේ දේශපාලුවෝ!
නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගෙවන ගානත් නවත්තලා දාන්න
මේවා තමයි වැඩ. තව කොපමණ අමාත්‍යංශ තියෙනවද මේ මගේ කුලී ගෙවන.
කොහොමද කලින් තිබුන යහපාලන ආණ්ඩුවේ වැඩ ........
මෙතරම් ලොකු කුලියක් ගෙව්වේ හරියට තමුන්ගේ අම්ම අප්පගේ බූදලෙන් කියලා හිතාගෙන වෙන්න ඇති... ජනතාව ගසාකාපුවා. අපි නොදන්නවට තව මේ වගේ දේශපාලුවන්ගේ හිතවත්කම් වලට දීපුවා ඕනහැටියේ ඇති...
මෙම ගොඩනැගිල්ල ගන්න ගිසුම් එහෙම අත්සන් කරලා තිබෙනවා නම් ගිවිසුම අවසන් වෙන තුරු කුලිය ගෙවන්න වේවි.
මෙම ගොඩනැගිල්ල ගැනීම ගැන ජනාදිපති කොමිෂමෙනුත් විභාග කළානේ. රනිල් ( අමාත්සය මණ්ඩල සංදේශය මෙයාගෙනේ) හා දුමින්ද කැඳෙව්කවානේ. බලමු මොකද වෙන්නේ කියලා. ගොඩනැගිල්ලෙන් කලින් ගියොත් ගිවිසුම ප්‍රකාර වන්දි ගෙවන්නත් වෙයිද ?
අනේ දුමින්දට වෙච්ච දේ.
පැතූ වෙනස....
ඒක ඒ වුණාට අසාධාරණයි. ගිවිසුම් කාලය ඉවර වුණාම කරන්න තිබුණු වැඩක්...
හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාත් රාජ්‍ය ආයතන සඳහා රජයේ ගොඩනැගිලි ඉදිකරීම් ආරම්භ කල නමුත් බලය මාරුවන විට ඒවා වෙනස් වුනා. එනිසා වත්මන් ජනාධිපති ගෝඨාභය මැතිතුමාගේ කාලය නිමවෙන්න පෙර රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය ගොඩනැගිලි සදා නිමකරන්න. ගොඩනැගිලි කුලිය වශයෙන් දැනට ගෙවන විශාල මුදලක් රජයට ඉතිරිකරගත හැක.
එතකොට මේකට මොකද වෙන්නේ? නව ජනාධිපතිතුමා ඒ ගැන සලකා බලයි වගේ...
අපේ රටේ අහිංසක ගොවි ඡනතාව එදා වේල කන්න නැතිව දුක් විඳිනවා. ඒවා හොඳටම දැන දැන ඒ් මිනිස්සුන්ගේ දහඩිය දුක් කඳුලු එක්ක සෙල්ලම් නටන ධනපති පන්තියේ ඉන්න මේ හොරුන්ට කළකම් පල දෙනවා. එතකොට හැංගෙන්න තැනක් හොයාගන්න බැහැ.