IMG-LOGO

කාශ්මීරයට ආ ලාංකිකයන් ගැන බුද්ධි අංශ විමර්ශනයක්

පසුගිය මාස 4 ක කාලය තුළ ඉන්දියාවේ කාශ්මීර් ප‍්‍රදේශයට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිළිබඳව එරට බුද්ධි අංශ බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඉන්දීයවේ එන්.ඩී.ටී.වී පුවත්සේවය අද (5) වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් ඉන්දියාවේ කේරළයේ, කාශ්මීරයේ සහ බැංගලෝරයේදී පුහුණුව ලබා ඇති බවට ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා බී.බී.සී ප‍්‍රවෘත්ති සේවයට සිදු කළ ප‍්‍රකාශයකින් පසුව මෙලෙස ඉන්දියාවට , විශේෂයෙන්ම එරට කාශ්මීර ප‍්‍රදේශයේ සංචාරය කළ ලාංකිකයින් පිළිබඳ විමර්ශනය කිරීමට තීරණය කළ බව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කර සිටී.

මේ වන විට  පසුගිය මාස හතරක කාලය තුළ ලාංකිකයින් 20 දෙනෙකු කාශ්මීර පශ්‍රී දේශයේ සංචාරය කළ ඇති බව බුද්ධි අංශ නිලධාරීන් කරුණු තහවුරු කර ගෙන ඇති අතර ඔවුන් පිළිබඳ වැඩිදුරටත් තොරතුරු නිරීක්ෂණය කරමින් සිටින බව එම නිලධාරියා එන්.ඩී.ටී.වී ප‍්‍රවෘත්ති සේවය හමුවේ පවසා ඇත.

දැනට තහවුරු වී ඇති කරුණු අනුව එම ලාංකිකයින් ලියාපදිංචි සංචාරකයින් බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

සංචාරකයින් 15,000කට ආසන්න පිරිසක් පසුගිය මාස 4 දී කාශ්මීරයට පැමිණ ඇති අතර ඉන් බහුතරයක් සංචාරකයින් මැලේසියානු ජාතිකයෝ වෙති.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කාශ්මීරය ඇතුළු ඉන්දියාවේ ප‍්‍රදේශ කිහිපයක සංචාරවල නිරතවී ඇති බවට ශ්‍රී ලංකා හමුදාපතිවරයා බී.බී.සී ප‍්‍රවෘත්ති සේවයට සිදුකළ ප‍්‍රකාශයකින් පසුව ඉන්දිය බුද්ධි අංශ සේවා මෙම පරීක්ෂණය සිදුකරමින් සිටින අතර විශේෂයෙන් ඔවුන්ගේ පසුබිම පිළිබඳව මෙහිදී සොයාබලන අතර, කාශ්මීරයේ සංචාරය කළ පුද්ගලයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු තමන්ට ලබාදී නොමැති බවත්, මෙම ප‍්‍රහාරය අයි.එස්. සංවිධානයේ පූර්වාදර්ශයෙන් සිදුකළ බවට තොරතුරු ලැබී ඇති නිසා ඒ පිළිබඳව ඉන්දියාව විශේෂ අවධානයක් යොමු කරනවා යැයි ද එම ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරියා  එන්.ඩී.ටී.වී. ප‍්‍රවෘත්ති සේවයට වැඩිදුරටත් සඳහන් කර  ඇත.

මෙම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ කිසිවෙකු කාශ්මීරයේ සංචාරය කළ බවට දැනට තොරතුරු නොමැති බවත්, කෙසේ නමුත් ඔවුන් වෙනත් නම් භාවිත කරමින් එහි සංචාරය කළේද යන්න පිළිබඳ තවදුරටත් සොයා බලමින් සිටින බවද ඉන්දීය බුද්ධි සේවා අංශ උපුටා දක්වමින් එන්.ඞී.ටී.වී ප‍්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී.

(125)



අදහස් (0)

කාශ්මීරයට ආ ලාංකිකයන් ගැන බුද්ධි අංශ විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site