IMG-LOGO

කුවේට් ගිය ලාංකික කතුන් 57 දෙනෙකු යළි ලංකාවට

(ටී.කේ.ජී.කපිල )

ගෘහ සේවය සඳහා කුවේටය වෙත ගොස් සිටියදී එරට හාම්පුතුන්ගේ හිරිහැර කරදර වලට භාජනය වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද (29) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔවුන් කුවේටය වෙත ගොස් සිටියදී, එරට හාම්පුතුන්ගෙන් එල්ලවන හිරිහැර, කරදර තවදුරටත් ඉවසා සිටිය නොහැකි විටදී ඔවුන්  සිය සේවා ස්ථාන වලින් පලා යමින් සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තානාපති කාර්යාලය වෙත බාරදී තිබිණි.

පසුව මෙම පිරිස එරට තානාපති කාර්යාලයේ " සුරක්ෂා " රැඳවුම් මධ්‍යස්ථානයේ සහ තවත් පිරිසක් එරට සිරගෙවල්වල සිටි කාන්තාවන් ද මෙසේ පැමිණ සිටි පිරිසට අයත්ව සිටිති.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකාරියන් වූ මෙම පිරිස  කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රවාහන වියදම් දීමනාව ද ලබා ගෙන ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියහ.            



අදහස් (1)

කුවේට් ගිය ලාංකික කතුන් 57 දෙනෙකු යළි ලංකාවට

ලසන්ත Tuesday, 30 April 2019 01:05 AM

අපේ අම්මලා නංගිලා අරාබි රටවලට ගොස් විවිධ හිරිහැර මැද දහදුක්විඳ එවන මුදලින් මේ රට රැකෙනවා. පාලකයින් ඒ මුදලින් සුරසැප ලබනවා. එම රටවල පාලකයින් ඒ අයගේ ජාතිය හා ආගම ව්‍යාප්ත කරමින් මේරට අල්ලා ගැනීමට සැරසෙනවා. මේ නිසා අරාබි රටවලට ශ්‍රමිකයින් යවන සියලුම රටවල් වහාම ශ්‍රමිකයින් යැවීම නතර කලහොත් මේ සිදුවන සියලු විනාශයන් නතරකර ගැනීමට හැකි වේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1206 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site