Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 08 වන බදාදා
(සේනක බණ්ඩාර)
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කලාවැවේ වාන් දොරටු දෙක අඩි 7 බැගින් අද (1) විවෘත කළ බව කලාවැව වාරි ඉංජිනේරු එම්.එච්.ආර්.බණ්ඩාර මහතා පැවසීය.
කලාවැවේ වාන් දොරටු දෙක විවෘත කිරීමෙන් තප්පරයකට ඝන අඩි 8500 ජල ධාරිතාවයක් කලාඔය දිගේ රාජාංගණය ජලාශයට මුදා හැර ඇති බවද වාරි ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේය.
කලාවැවේ වාන් දොරටු විවෘත කිරීමෙන් ගල්නෑව හිරිපිටියාගම ප්‍රධාන මාර්ගයේ කලාඔය පාලම ජලයෙන් යටවී ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.