(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කලා ඔයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟ වනාතවිල්ලුව එළුවන්කුලම විල්පත්තුව පිවිසුමේ පිහිටි නාවික හමුදා අනු කණ්ඩය හා වනජීවී කාර්යාලයේ නිළධාරින් තාවකාලිකව ඉවත් කර ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි .
දිගින් දිගටම පවතින අධික වර්ෂාව හා රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ පුත්තලම මන්නාරම මාර්ගයේ ක්‍රොස්වේ සපත්තු පාලම ආසන්නයේ 21 දින වන විට අඩි 8 කට ආසන්න ජල කදක් ගලා යමින් පවතින බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ හේතුවෙන් ක්‍රොස්වේ නාවික හමුදා අනු කණ්ඩයේ සිටි භට පිරිස් ආසන්නයේ පිහිටි ගඟේ වාඩිය කඳවුරට කැදවා ඇති අතර විල්පත්තුව එළුවන්කුලම පිවිසුමේ පිහිටි වන ජීවි කාර්යාලයේ රාජකාරි කළ නිළධාරින් ද පොම්පරිප්පු හා මුල්ලිකුලම් වනජිවී කාර්යාල වෙත කැදවා ඇති බව කියයි.
කෙසේ නමුත් දිගින් දිගටම පවතින අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම පැරණි මන්නාරම මාර්ගය ජලයෙන් යටවිමත් සමඟ සම්පුර්ණයෙන් ගමනාගමන කටයුතු තහනම් කර ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ . අලහකොන් මහතා පැවසීය.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.