





(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන වැවගම ගම්මානයේ වසර 20ක් පමණ පුරන්ව පැවැති වෙරළුගහ පැලැස්ස හා නාගහතුඩුව යාය කුඹුරු අක්කර 5ක් අස්වැද්දීමේ උත්සවයක් අද (11) පැවැත්විණි.
වැවගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඕමල්පේ නාරද ස්වාමීන්වහන්සේගේ මූලික අනුශාසකත්වයෙන්, කලවාන ගොවිජන සේවා කාර්යාලයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එකමුතුවෙන්, වැවගම වසමේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහාකාර වයි.ඩබ්ලිව් .පී.පී ඉන්දික ඩයස් මහාතාගේ මැදිහත් වීම මත වැවගම ගොවි සංවිධානය, වැවගම කාන්තා ගොවී සංවර්ධන හා තරුණ පිරිසගේ සහයෝගයෙන් මෙම වැඩසටහන සිදුකෙරිණි.
ගම්වාසීහු ඉපැරැණි චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන ලබාදෙමින් මෙම කුඹුරු අස්වැද්දීම ඇරඹූහ.
මෙම අවස්ථාවට කලවාන ගොවිජන සේවා කාර්යාලයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ජානක ඉන්ද්‍රජිත් මහතා ඇතුළු නිලධාරීහු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක මහින්ද සුරවීර මහතා ඇතුළු නිලධාරීහු, ගොවි ජනතාව සහාභාගී වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd