IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කුලියාපිටිය සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු යළි රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                 
            
කුලියාපිටියේ මුස්ලිම් ව්‍යාපාරික ආයතන කිහිපයකට පහරදුන් බවට සැකපිට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් 11දෙනෙකුට අදාළ නඩු 13කදී, එහි දොළොස්වෙනි සැකකරු යැයි අද(13) පොලිසිය විසින් නම්කරමින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු සමඟ පළමු  සහ දෙවන සැකකරුවන් යළිත් මේ මස 21 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියම කළාය.
            
එහි සෙසු සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටද මහේස්ත‍්‍රාත්වරිය නියෝගකර තිබිණ.
            
ඉකුත් මස 12 දින කුලියාපිටිය හෙට්ටිපොළ පාරේ වෙළඳ ස්ථාන කිහිපයකට එසේ පහරදී තිබූ අතර ඒ සම්බන්ධව විමර්ශනය කර පොලිසිය මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.
            
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතට අදාළව සැකකරුවන් කටයුතු කර ඇත්දැයි විමර්ශනය කරමින් පවතින බව පොලිසිය කියාසිටියේය. කෙසේවෙතත් සැකකරුවන්ගෙන් කොටසකට සාමාන්‍ය නීතිය යටතේ නඩු පැවරීම සම්බන්ධව පොලිසියේ විරෝධතාවයක් නොවීය.
            
මෙම බී වාර්තාව අනුව එම සැකකරුවන් දණ්ඩනීති සංග‍්‍රහය නොව මෙම නඩුවෙන් මුදාහළයුතු බවට කරුණු පෙන්වාදුන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියාසිටියේ පොලිසිය වැල යන අතට මැස්ස ගහන න්‍යායයේ ක‍්‍රමවේද මෙම නඩුවේ සැකකරුවන්ට චෝදනා ගොනුකිරීමට අනුගමනය කරන බවයි.
            
එහිදී සියලූ පාර්ශව ඉදිරිපත් කළ කරුණු පිළිබඳව දීර්ඝව අවධානය යොමුකළ මහේස්ත‍්‍රාත් ජනනි මහත්මිය එසේ 1,2 හා 12 යන සැකකරුවන් හැර සෙසු සැකකරුවන් ඇප මුදාහැරීමට නියම කළාය.
            
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පොලිස් නීති කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක නීතිඥ කලූතර කෝරළ, පොලිස් පරීක්‍ෂක හැරිසන් සෝමසිරි, පොලිස් සැරයන්වරුන් වූ ප‍්‍රියංකර(7313), පේ‍්‍රමසූරිය(25487) යන මහත්වරුද සැකකරුවන් වෙනුවෙන් චන්දන යාපා, කැලූම් හෙට්ටිගමගේ, චමිපික ලසිතකුමාර, ආසිරි ප‍්‍රනාන්දු, මායාදුන්නේ සෙනවිරත්න, අනුරසිරි දිසානායක, දයානි එදිරිසිංහ යන මහත්ම මහත්මීහු ද පෙනීසිටියහ.



අදහස් (1)

කුලියාපිටිය සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු යළි රිමාන්ඩ්

Sugandhini Thursday, 13 June 2019 12:28 PM

කුලියාපිටිය කියන්නේ හුඟක් ඉස්සර පොඩි ගම්මාන වලින් වටවුන කුඩා නගරයක්. නමුත් දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන නගරයක්.

:       24       67

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site