





(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, ඒත්තාල තාමරම්කුළම් වැවට දමා තිබූ සියුම් කැබැලිවලට කඩා බිද දමන ලද අරාබි වැකි සහිත පුවරුවක් අද (9) සොයාගත් බව කල්පිටිය පොලිසිය කියයි.
ප්‍රදේශවාසී ජනතාව ලබාදුන් තොරතුරක අනුව මෙම පුවරු සොයාගෙන ඇත.
යම් ස්ථානයක සවි කර තබන ලද කළුගලින් නිමවන ලද මෙම පුවරුවේ, ඉංග්‍රීසි බසින් කොටන ලද ශ්‍රී ලංකා ජම්ම්ත් යන වැකිය පමණක් හඳුනාගෙන ඇති බවද අනෙකුත් අරාබි වැකි හඳුනාගත නොහැකිවන පරිදි ඉතා කුඩා කොටස්වලට කඩා දමා තිබූ බවද පොලිසිය කියයි.
කල්පිටිය නාවුක හමුදා සෙබලු ද මෙම පුවරු පරීක්ෂාවට ලක් කළහ.
මෙම ගල් පුවරු පිළිබඳව කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නෂ්ටාවශේෂ වෙන්න නම් බැහැ. මොකද අපේ ඉතිහාසයේ අපි අහලා නැහැ අරාබි ජාතිකයින් ලංකාවේ උන්නා කියලා. කොහොමටත් අපිට වෙනවා හොද සුද්දයක් දාන්න. තියන තත්වය ඉතාමත්ම අවදානම් වගේම භයානකයි. ඒ වගේම රටට ජාතියට ආදරය කරන පාලකයන් පත් කර ගැනීමට ජනතාව සිහි තබා ගතයුතුයි.
ශ්රී ලංකා ජම්ම්ත් කියල ඉංගිරිසියෙන් කොටලා තිබුනානම් කොහොමද මේවා නෂ්ටාවශේෂ වෙන්නේ ?
මේවා මේ ලඟදි හදපුව, ඔය ටික දෙන්න රාජ් සෝමදේව මහත්තයට , එතුමා එකතු කරලා හදල දෙයි, ලංකාවේ දැන්වත් පවලට ලමයි 2 පමණක් වෙන විදියට නීතයක් සම්මත කලයුතුයි හැකි ඉක්මනින්,
අපිට අලුත් ඉතිහාසයක් උගන්වන්න හදලානේ මේගොල්ලෝ ... පුදුම අහිංසක කමක් නේ . .
පොලීසියට තොරතුරු දී ත්‍රස්තවාදය වැළැක්වීමට උපරිම සහය දක්වන්න මහජනතාවට ස්තුතියි. ත්‍රස්තවාදයට කැමති, ත්‍රස්තවාදීන් පමණක් හැර අහිංසක මහජනතාව නොවේ ......
මං දන්න තරමින් මේවා විදේෂාධාර වලින් හදපු ගොඩනැගිලිවල තියෙන සමරු ඵලක..........
මේ ගතවන්නේ ඉතාම අඳුරු යුගයක්ය. නුඹේ වැරදි තීරණය මුළු රටටම හෙනයක් වනු ඇත. රජය වහාම ඉල්ලා අස්විය යුතුය. මෙම හම්බවෙන දේවල් කඩු කිනිසි බෝම්බ සුළුකොට නොතකන්න, ජනතාවගෙන් වසන් නොකරන්න. මෙම රජයට නොහැකි බව මුළු ලෝකෙම දනී. වහාම ගෙදර යන්න. අනාගතය තීරණය වෙන කාලයක් මේ. එකදු මුස්ලිම් අයෙකුටවත් පහරක් නොගසන්න. ඔවුන් දැන් ඔබේ පහර ලැබෙන තුරු බල සිටි.
මේක පුරවිද්‍යාත්මක වටිනාකමක් ඇති සෙල් ලිපියක් මේකෙන් පැහැදිලි වෙනවා සුද්දෝ ඉංගිරිසි ලියන්න පටන් ගන්නත් කලින් ඒ වගේම විජය රජු ලංකාවට එන්න කලිනුත්, ලංකාවේ මුස්ලිම් මිනිස්සු හිටිය බවත්,
අපේ රටේ රාජ්‍ය පාලකයන් මොන තරම් මුස්ලිම්වරුන්ට ඕනෑ විදිහට වැඩ කරන්න දීලද? ඔවුන්ට ඕනෑ ඡන්ද ලබාගැනීම පමණයි.
මේ ආණ්ඩුවට ඡන්දය නොදුන්න කෙනෙක් හැටියට ගොඩක් ආඩම්බර වෙනවා .
ඔක්කොම බොරු කියන්නේ... නිකන් මුස්ලිම් මිනිස්සුන්ව සැක කරන්නේ...