(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සියලු දෙනාටම නවක සිසුන්ට අමානුෂික නවකවදය ලබා දීමේ චෝදනාවට එම මණ්ඩප භූමිය අද (10) සිට තහනම් කිරීමට විශ්ව විද්‍යාල පරිපාලන අංශය විසින් පියවර ගෙන ඇත.
කිලිනොච්චිය මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන් පිරිසකට ලිංගික ක්‍රියාකාරකම් සිදුකර ඒවා ජංගම දුරකතන ඔස්සේ පටිගත කර ජ්‍යේෂ්ඨ සිසුන්ට ලැබීමට සලස්ස වන ලෙසට බලපෑම් කර අමානුෂිකව නවක වදය ලබා දී තිබේ.
මේ හේතුවෙන් එම සිදුවීම් පිළිබඳව අරඹා ඇති පරික්ෂණ කටයුතු අවසන් වනතුරුම මෙම තහනම පැනවීමට විශ්ව විද්‍යාලය පාලන අධිකාරිය තීරණය කර ඇත.
නවකවදය දීමේ සිදුවීම් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල පරිපාලන අංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂම විසින් මේ වන විටත් පරික්ෂණ ආරම්භ කොට ඇති අතර අදාල නවක වදය ලබා දුන් සිසුන් පිරිසක් මේ වන විටත් හඳුනාගෙන ඇති බවටද වාර්ථා වෙයි.
ජ්‍යේෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට නවකවදය දීමේදී පිටතට තොරතුරු ලබා නොදෙන ලෙසට සිදු කළ විවිධ තර්ජන ද මේ වන විට අනාවරණය වෙමින් පවතින බවත් පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු ජ්‍යේෂ්ඨ සිසුන් සියලු දෙනාට කිලිනොච්චිය මණ්ඩපය තහනම් කර ඇති අතරම නවකවදය ලබා දීමේ සිද්ධියට වරදකරුවන්ට උපරිම විනයානුකූල පියවර ගැනීමට ද යාපනය විශ්වවිද්‍යාල පරිපාන අංශය විසින් තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිලිනොච්චි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනමක්
සේන Monday, 10 February 2020 11:16 AM
තහවුරු වූ පසු ශිෂ්‍යභාවය අහෝසි කළ යුතුය. සෑම විශ්වවිද්‍යාලයකටම මෙම නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුය. නැතිනම් මේ මානසික රෝගීන් නතර කළ නොහැකි වනු ඇත.