(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 68ක් , සුඛෝපභෝගී වාහන දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (8) සවස අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයේ ලුණු ලේවායක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 68ට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ට ආසන්න ප්‍රමාණයක් බව පොලිසිය කියයි.
පුත්තලම මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශයට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර තිබූ අතර, එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබුණි.
මත්ද්‍රව්‍ය තොගය සමඟ සුඛෝපභෝගි ජිප් රථයක් හා මෝටර් රථයක් පොලිසිය බාරයට ගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇත.
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කේරල ගංජා කිලෝ 68 ක් අල්ලයි