(යොහාන් භාසුර)
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට සහභාගිවීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව ගියේය.
මෙම සමුළුව ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍යංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධනය පිළිබඳ සංවිධානය එක්ව සංවිධානය කරන අතර එය මෙම මස 10 සහ 11 දෙදින ”තිරසාර කාර්මීකරණය සඳහා කර්මාන්ත කඩිනම් කිරීම” යන තේමාව යටතේ පැවැත්වේ.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට පැමිණි කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු පිරිස එරට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළිගත්තේය. ප්‍රධාන සමුළුවට සමගාමීව ආසියානු පැසිපික් කලාපීය රටවල කර්මාන්ත සංවර්ධනයේදී පැනනගින ගැටළු සහ අභියෝග පිළිබදව විශේෂ සාකච්ජා කිහිපයක් ද පැවැත්වීමට නියමිත අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී අදහස් දැක්වීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කර්මාන්ත ඇමැති කර්මාන්ත සමුළුවට ජකර්තා යයි
ranil Monday, 08 November 2021 06:58 PM
කට වහගෙන ට්‍රිප් එකක් දීලා වගේ...
gamunuMonday, 08 November 2021 11:25 PM
පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට සහභාගිවීමට වේදිකා නළුවන්ට හෝ දේශපාලන විකටයින් සහභාගී කරවීම රජයට කිසිඳු ප්‍රයෝජනයක් නොමැත
විපරමා Monday, 08 November 2021 07:09 PM
ඒකත් එහෙමද? පහුගිය දවස්වල නටපු නාඩගම්වල හැටියට අපි හිතුවේ අයින් වෙලාවත්ද කියලා. කතාටික කාටහරි කියලා ඉංග්‍රීසියෙන් ලියවාගන්න ඇති....
SisiraMonday, 08 November 2021 08:09 PM
ඉංග්‍රීසි සිංහලෙන් ලියවාගෙන වෙන්න පුලුවන්...
විපරමා Monday, 08 November 2021 08:55 PM
ඔබ හරියට හරි...
dasa Tuesday, 09 November 2021 05:13 AM
තව ටික කලයි එතකන් අපේ සල්ලි වලින් සැප ගනින්
Jaya Tuesday, 09 November 2021 08:28 AM
වැඩ බැරි උනත් භාෂාව තියෙනවානම් හොඳටම ඇති නේද.?
kamal Tuesday, 09 November 2021 10:57 AM
අපි බයියන්ට කරලා දීපු දෙයි බයියෝ අපිට කරපු දෙයි හැටි.
sharm warn Tuesday, 09 November 2021 01:52 PM
හානේ මේ ඉන්නේ සන් කැටේ .පොඩ්ඩක් සද්ද දාපුවාම සමුළුවක් මවලා හරි දෙනවනේ දෙයියෝ .ඔහොම සද්ද දදා ඉන්න