IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


‘‘කොරෝනා සහන මල්ලටත් ආණ්ඩුව සීමා දමලා‘‘

(නිමල කොඩිතුවක්කු)

නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ රු. 10,000ක් වටිනාකමින් යුත් සහන මල්ල සීමා කොට, තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොරෝනා ව්‍යසනය මැද ජීවිතය සහ මරණය සමග අරගල කරන මිනිසුන්ගේ සහන මල්ලටත් සීමා දමන ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකි බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

"ජනතාවගේ ගෙල සිරකොට හෝ සිය අරමුණු ඉටුකර ගැනීමට දෙවරක් නොසිතන ආණ්ඩුව කොරෝනා ව්‍යසනයෙන් අන්ත අසරණව සිටින ජනතාවගෙන්ද පලිගැනීම ආරම්භ කොට තිබේ.

වසා දැමූ බොහෝ රටවල් සිය ජනතාවගේ ජීවිත නඩත්තු කිරීමට සහන පැකේජ හදුන්වා දී ඇති නමුත් ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ ජනතාවට දෙන්නට වූ අවම සහන මල්ල පවා අත් හිටුවීම ය.

තුන් වේල තබා එක වේලක් හෝ කෑමට යමක් නැතිව සුසුම් හෙළන ලක්ෂ ගණනක් පුරවැසියන් ජීවත්වන රටක ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලීම තරම් සාහසික ඉල්ලීමක් තවත් නැත. කොරෝනා ව්‍යසනය මැද ජීවිතය සහ මරණය සමග අරගල කරන මිනිසුන්ගේ සහන මල්ලටත් සීමා දමනවානම් ඒ ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකිය.

 



අදහස් (17)

‘‘කොරෝනා සහන මල්ලටත් ආණ්ඩුව සීමා දමලා‘‘

Sunil Thursday, 26 August 2021 11:11 AM

මෙයින් පෙනෙන්නේ ආණ්ඩුවේ බන්කොලොත්භාවයයි නොසැලකිල්ලයි.

:       17       14

RaveendraThursday, 26 August 2021 11:34 AM

ඔබගේ අදහස් නිවැරදිය. මේ මොන අටමගලයක්වත් නැහැනේ ඔබ "වක්‍රාකාරව" කීමට උත්සහ කල උගත් කමේ කෙල පැමිණි පුතානෝ හෝ දියව් දියව් සුදුකුමාර ආණ්ඩුව කරනවා නම් නොවේද ? එවිට මේ මොන රෝගයක්වත් නැහැ ශ්‍රී ලංකාමාතාව ලෝකයේ සුකිත මුදිත රටක් ලෙස ඉහලින්ම වැජබෙනු ඇත.....අනේද කියන්නේ.......අපි වදින පුදන, අ[ඉ පස්සෙන් යන "මී හරකා" මොනවද කියන්නේ ඒ සියල්ල හිස මුදුනින් පිළිගන්න තරමටම අපි වගේ ගොන් තකතීරු චන්දදායකයන් මේ රටේ තාමත් සිටීම අවාසනාවකි.

:       7       17

දිනාල් Thursday, 26 August 2021 11:23 AM

ආණ්ඩුව කිව්වේ ඔය සහන මල්ල හැමෝටම දෙනවා වෙනුවට අඩු ආදායම් ලාභී පවුල්වලට පමණක් දෙන බවයි. අඩු ආදාම්ලාභීන්ට පමණක් එය දීම වැරදිද. අපි දන්න පවුල් දෙකක්ම ඉන්නවා මාසේ අන්තිමට සෑහෙන පඩිය ගන්න අය. ඒ අයටත් ඔය මල්ල ලැබුණ. දැන් සජිත් කියන්නේ ඒ වගේ තරමක හොඳ ආදායමක් ලබමින් සිටින අයටත් මේක දෙන්න ඕන කියලද. එතකොට දුප්පතුන්ට දෙන්න තිබෙන සහන නේද ඒවටත් වියදම් කරන්න වෙන්නේ.

:       8       20

Raveendra Thursday, 26 August 2021 11:44 AM

අප නම් අවංකව හිතුවේ අපේ මේ සජි මලය මෙවන් ප්‍රකාශයක් කරයි කියල. එනම් දියවන්නාව පට්ටියෙන් මට ලැබෙන වැටුප මෙන්ම සියලුම දීමනාවන් "මා ජිවත්වන තුරාවට" සෑම මසකම මහජනතාවගේ සුබසාධන අරමුදලට බැරකරමි යන්න... එනමුත් කියවීමට නොහැකි අප අමාරුවෙන් කියවා බැලුවම මේ කියල තියෙන්නේ උගත් බුද්ධිමත් කතාවක්නේ....

:       8       10

Sachintha Thursday, 26 August 2021 11:58 AM

මේ අවුරුද්දේ මුල් භාගයේදී අපේ පවුලටත් මෙම බඩු පැකට්ටුව ලැබුණි, එය අප වැනි මධ්‍යම කුල පවුල් වලට සහ අනෙකුත් ඉහළ කුල පවුල් වලට පවා එතරම් අවශ්‍ය නොවීය. අද දවසේ අවශ්‍යතාවන්ගෙන් එය සමන්විත වූ බව අපි සැම දෙනාම දන්නා කරුණකි රටේ වර්තමාන ආර්ථික ගැටලු ඉතාමත් නරක ය, රටේ වගකිව යුතු පුද්ගලයෙකු වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා රජයේ සෑම උත්සාහයක්ම විවේචනය නොකර මෙම ගැටලුව ඉවත් කර ගැනීමට රජයට සහාය විය යුතු අතර එය වෙනත් දේශපාලන වගකීමකි .. .

:       4       15

ගජමෑන් Thursday, 26 August 2021 12:30 PM

ඇත්තටම සජිත් කියන්නේ පුතනෝ කියලා මේකෙන් හොදටම ඔප්ප්පු වුනා. ආණ්ඩුවට දෙවැනි නැ දවසට මාධ්‍යට වොයිස්කට් 10ක් විතර දානවනේ මේ දවස්වල , වෙන කරන්න වැඩකුත් නැනේ ඉතින් ,,,,

:       7       14

chandana Thursday, 26 August 2021 12:52 PM

ඒතුමා කියන්නේ හැමෝටම දෙන්න කියලාම විතරක් නෙවෙයි .ඒ්ක විද්‍යානුකූල ක්‍රමවේදයකට ‌කරන්න කියලයි. ඒතුමාගේම ක්‍රමය අනුව විද්‍යාත්මකම ක්‍රමය තමයි උස අයට සහන මල්ලකුත් මිටි අයට සහන මලු බාගයකුත් දෙන ඒක. ඒ්කවත් තෙරෙන්නෙ නැත්ද. මෙතුමා මොකක්හරි කියලා තියෙනවනම් ඒ්කෙ පිටට වාචාල කතාවක් වගේ පෙනුනට විශාල අභ්‍යන්තර පුළුල් අර්ථවත් අරමුණක් තියෙනවා. හෑබැයි ඒ්ක තේරුම්ගන්න නම් ඒතුමා හා සමානව මොලයක් අහන කෙනාටත් තියෙන්න ඔ්නේ. දැන් ඉතින් කල්පනා කරන්න ඒපා ඒ් මොන වගේ මොලයක්ද කියලා. ප්‍රශ්ණයයි පිළිතුරයි අතර තිසිම අදාලත්වයක් නැති බව නොතේරෙන්න හෝ ඒතුමා ප්‍රශ්ණයට දෙන පිළිතුර ප්‍රායෝගික කරන්න බැරි බව නොතේරෙන්න තරම් විශාල මොලයක් තිබුනම ඇති. මම මේ කියලා තියෙන දේ අවුල් වගේම මෙයාගේ ප්‍රකාශත් අවුල්ම තමයි.

:       5       11

RaveendraThursday, 26 August 2021 02:31 PM

ඔබගේ අදහස් හාස්‍ය ගැබ්ව තිබුනත් "වැදගත් යමක්" සමාජයට කීමට උත්සහ කර ඇති බව කිව යුතුය. තවද ඔබට නම් එතුමාල මෙතුමාල හිටියට අපට නම් සිටින්නේ මහජන මුදලින් බඩගෝස්තරය මෙන්ම සියලු සැපසම්පත් විදින මහජන නියෝජිතයන් නොහොත් මහජන සේවකයන්ය. එමගින් අප උපරිම උත්සහ දරන්නේ එතුමා, මෙතුමා තුමිය යන වැදගත් ගෞරවාන්විත අපගේ මව්බසේ තිබෙන ඒ ඒ වචනවලට අපහස කිරීමට හෝ අගෞරව කිරීමට හෝ පරිබව කිරීමට ඇති "අකමැත්ත නිසාවෙනි". අපගේ මෙම අදහස් මගින් ඔබට යම්කිසි හිත් තැවුලක් ඇති වුවානම් කනගාටු වන්නෙමු.

:       2       1

chandanaThursday, 26 August 2021 10:41 PM

මුළු ලෝකයටම බලපාන ප්‍රශ්ණයක් ඇති අවස්ථාවක දේශපාලනය කිරීම පිළිබඳව මොවුන් කෙරෙහි ප්‍රභල පිළිකුලක් ඇත. එහෙත් තනතුරට ගරුකිරීම සඳහා එලෙස භාවිතා කලෙමි.

:       0       0

Nihal Thursday, 26 August 2021 01:09 PM

අපිටත් ඔය 10000 බදු මල්ල ලැබුනා. අපි දුප්පත් පවුල් 3කට එය බෙදලා දුන්නා

:       2       14

රමණීThursday, 26 August 2021 01:41 PM

නිහාල්, ඔබේ සිතිවිල්ල ඉතා හොඳයි. නමුත් ඔබට ඒ බඩු මල්ල ලැබුනේ ඔබේ නිවසේ කෙනෙක්ට කොරෝනා වැළඳුන නිසා නේද. එතකොට ඔබේ නිවස තුලට ගත් දෙයක් වෙනත් අයට බෙදා දෙනවිට ඔවුන්ට අනතුරක් ඇතිවෙන්නෙ නැද්ද, විශේෂයෙන් ඒ අනික් පවුල්වල කොරෝනා නැති අය ඉන්නවනම්. මේ ඔබට වැරද්දක් කියනවා නෙවෙයි නමුත් මෙය දකින අනික් අය ඒ වගේ දෙයක් කරන විට තව ටිකක් හිතයි කියලා. ඒ වගේම ඔබට ගොඩක් පින් කාටවත් මොකුත් නොදී ඉන්නවාට වඩා අර පවුල් තුනක් බඩගින්න අඩුකරගත්ත නිසා.

:       1       1

මුණසිංහ Thursday, 26 August 2021 04:02 PM

ඇත්තටම රජය මේ ගත්තා වූ පියවර හොඳයි . ආර්ථික ව දුෂ්කර අයට විතරයි දෙන්න ඕන . ඔබ තුමියට වැරදීමක් වෙලා තිබෙනවා . පොසිටිව් අයට විතරක්ම නෙවෙයි දෙන්නෙ . ආශ්‍රිතයන් ටත් දෙනවා . ඔවුන් සමහර විට පොසිටිව් නොවෙන්න පුළුවන් . නමුත් අතට නොගෙන බෙදාගත්තා නම් තමා වඩාත්ම ආරක්ෂිත .

:       0       0

NihalFriday, 27 August 2021 10:32 AM

අපි ලෙඩෙන් නෙගටිව් වුනාට මේක පොසිටිව් තීරණයක්, ආරක්ෂාකාරීව වැඩේ කලේ.

:       0       1

නිඳිනැති Thursday, 26 August 2021 01:25 PM

රටේ ප්‍රස්න වලින් ගොඩ එන්න මෙලෝ සැලසුමක් නෑ..

:       1       1

මුණසිංහ Thursday, 26 August 2021 02:50 PM

ඉතිං දැං සජබෙ ත් අරමුදලක් හැදුවා නේ. ඒකෙන් ඔය මදි පාඩුව පුරවන්න . පුතානෝටත් අවස්ථාව දෙන්න යි ඔහොම කරල තියෙන්නේ .

:       1       4

kamal Thursday, 26 August 2021 02:52 PM

උස අයට 10,000යි මිටි අයට 5000යි. වැඩේ හරිනේ.?

:       1       3

DinalThursday, 26 August 2021 04:09 PM

සජිත් උසයි නේද? එතකොට එයා සිකුරිටි ජොබ් එකකටද වැටෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 594 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 512 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2109 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2131 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 223 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2566 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site