IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කොරෝනා වැළඳුණු දරුවන් පන්සීයක් : 10ක් මරුමුවට

(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා ආසාදනයවූ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් කොළඹ ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේදක්වා වාර්තාවී ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය .

කොරෝනා ආසාදනයවූ දරුවන් දස දෙනකු ළමා රෝහලේදී මේදක්වා මියගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය

ළමයින්ට කොරෝනා ආසාදනයවීම වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කී පෙරේරා මහතා කොරෝනා වැළඳුණු දරුවන් 5 ත් 10 ත් අතර සංඛ්‍යාවක් ලේඩි රිජ්වේ රෝහලින් දිනපතා වාර්තාවන බවද ප්‍රකාශ කළේය .

කොරෝනා ආසාදනයවූ දරුවන් 28දෙනකු ලේඩි රිජ්වේ රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බවත් ඒ පිරිසේ කොරෝනා සහ ඩෙංගු යන රෝග තත්වයන් දෙකම දක්නට ලැබෙන දරුවන් කිහිප දෙනකුද සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය .

කොරෝනා වාට්ටු දෙකෙන් එක් වාට්ටුවක ළමයින් 18 දෙනෙකුද අනෙක් වාට්ටුවේ ළමයින් 10 දෙනෙකුද ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේය.

කොරෝනා නව සැර ප්‍රභේද පැතිර යන මොහොතක තම දරුවන්ගේ සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් වන ලෙසටත් දරුවන් සෙනඟ විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලට රැගෙන යෑමෙන් වළකින ලෙසටත් මවුපියන්ගෙන් තමා ඉල්ලීමක් කරන බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

එසේම දරුවන් නිවෙස්වලින් බැහැරට රැගෙන යන අවස්ථාවන්හිදී මුව ආවරණයක් නිවැරැදි ආකාරයට පළඳවන ලෙසද ඔහු ඉල්ලීමක් කරයි .

 



අදහස් (1)

කොරෝනා වැළඳුණු දරුවන් පන්සීයක් : 10ක් මරුමුවට

Raveendra Saturday, 24 July 2021 05:45 PM

මීඩියා ඉස්සරහට ඇවිත් දොඩවන්න කලින් තමුන්ගේ ඉස්පිරිතාලේ කාර්ය මණ්ඩලවලට සහ රෝගීන්ට තියෙන අඩුපාඩු ගැන හොයල බැලුවොත් නරකද දොස්තර මහත්තයෝ..? පාදෙණිය දොස්තරත් නිතරම යන එන තැන වෙච්චි එකේ බැරි වෙන එකක් නෑ මොනවා හරි කරගන්න...

:       10       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site