IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය ඔස්ට්‍රෙිලියාවටත් යයි

එක්සත් රාජධානියෙන් වාර්තා වන නව කොරෝනා වයිරසයේ, නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු ඔස්ට්‍රේලියාවෙන් හඳුනාගෙන ඇතැයි ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය අද (21) වාර්තා කළේය.

එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයන් දෙදෙනකුට මෙම නව කොරෝනා වයිරසයේ, මෙම නව ප්‍රභේදය ආසාදනය වී තිබෙන අතර ඔවුන් දෙදෙනා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි ඔස්ට්‍රේලියානු බලධාරීහු සඳහන් කළහ.

මේ වයිරසයේ ව්‍යාප්තිය එසේත් නැතිනම් එහි සම්ප්‍රේෂණය වීමේ හැකියාව 70%ක් පමණ වන බව රොයිටර් පුවත් සේවය ද වාර්තා කර තිබිණි.

සිඩ්නි නුවරින් පසුගිය දින කිහිපයේදීම වයිරස ආසාදිතයන් ශ්‍රිඝ්‍රයෙන් වාර්තා වූ අතර එම සිදුවීම් සහ මෙය අතර සම්බන්ධයක් නැතැයි ද ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු  ප්‍රකාශ කළහ.

මේ තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රෙිලියාවට පැමිණෙන සංචාරකයන්ට දැඩි සීමා හෝ ඔවුන් සම්බන්ධයෙන් හෝ දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ඔස්ට්‍රෙිලියාවේ ප්‍රධාන වෛද්‍ය   නිලධාරී මහාචාර්ය පෝල් කෙලී ඊයේ පැවැසීය. ඔහු එම තනතුරට පත්වූයේ ඉකුත් සඳුඳා ය.

එක්සත් රාජධානියෙන් පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායනයකට යොමු කරන බවත් නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බැවින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක්  නැති බවත් හෙතෙම කීය.

ලන්ඩන් නුවරින් මේ වනවිට සීග්‍රයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගෙ 60% කට ආසන්න ප්‍රමාණයකට ආසාදනය වී ඇත්තේ නව කොරෝනා වයිරසයේ මෙම නව ප්‍රභේදය යැයි ද වාර්තා වේ.

එක්සත් රාජධානියේ පැතිර ‘කොවිඩ්-19‘ වයිරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ රෝගියකු වාර්තා වී ඇතැයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම නව ප්‍රභේදය හේතුවෙන් යුරෝපයේ, මැද පෙරදිග සහ තවත් කලාප කිහිපයක රටවල් එක්සත් රාජධානිය සමඟ කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා ඇත.

කොරෝනා වයිරසයේ මෙම නව ප්‍රභේදය ‘‘පාලනයෙන් ගිලිහී’’ ඇතැයි ද මේ සම්බන්ධයෙන් බී.බී.සී. පුවත් සේවයට අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් (සෞඛ්‍ය අමාත්‍ය) මැට් හැන්කොක් පැවැසීය.
 
‘ද ගාඩියන්’ සහ ‘ඔස්ට්‍රෙිලියානු මාධ්‍ය ඇසුරිනි’
 
055 



අදහස් (0)

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය ඔස්ට්‍රෙිලියාවටත් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site