(ඩයනා උදයංගනී)
රට පුරා පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත්වීමෙන් පසු බොහෝ දෙනා කොරෝනා අවදානම ද නොතකමින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන ආකාරය මේ දිනවල දක්නට ලැබේ.
එසේ විවිධ ස්ථානවල සංචාරය කරන පිරිස් මෙන්ම එම ස්ථානවල යම් යම් දේ අලෙවි කරන වෙළෙඳුන් ද නිසි ලෙස මුහුණු ආවරණ නොපැළඳ නියමිත දුර සීමා පවත්වා නොගනිමින් කටයුතු කිරීම නිසා යළිත් කොරෝනා අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශද අනතුරු අඟවා තිබේ.
සති අන්තයේදී අතර කොළඹ ගාලුමුවදොර පිටියට ද අද (7) දිනයේ විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිටියේ නිසි ලෙස මුහුණ ආවරණ පැළඳ සිටියේ නැත.
ඔවුන් අතර ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් පවා සිටිනු දක්නට ලැබිණි.
ඡායාරූප -- ජයමාල් චන්ද්‍රසිරි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොරෝනා වයිරසයට අත වනයි
Prabha Sunday, 07 November 2021 11:51 PM
ඔච්චර කියලත් අවදානම තේරෙන්නේ නැත්නම් මරණයත් එක්ක ගනුදෙනුව බේරාගන්න කියමු.
69lakshsya Monday, 08 November 2021 09:55 AM
අපි වැක්සීන් ගහලා නිසා දැන් බය වෙන්න දෙයක් නැහැ.. හැදුණොත් හෙම්බිරිස්සාවක් වගේනේ...
කිරි බණ්ඩා Monday, 08 November 2021 10:32 AM
හොඳට බලන්න.. අර පහුගිය දවස් වල එන්නත් විදගන්න හරි විනීතව පැමිණිලා දොස්තරලගෙන් දාගත්ත වයස් කාණ්ඩේ අය තමයි මේ පෙන්නන හැම තැනකම වාගේ මුහුණු අාවරණයක්වත් නැතිව මෝඩයින් වගේ ඇවිල්ලා හතර වටේ ඇවිදින්නේ...