
(හර්ෂණ තුෂාර සිල්වා)
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන හෝ, සහ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමට කැමැති ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා සංගමය සඳහන් කරයි.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට මට්ටම් තුනක් යටතේ ප්‍රතිකාර කරන අතර එහිදි අදියර පහක් යටතේ රෝගීන් වර්ගීකරණය කර තිබේ.
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන වෙනත් රෝගී තත්ත්ව නොමැති වයස අවුරුදු 18ත් 65ත් අතර රෝගීන් එහි මුල් අදියරට අයත් වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2020 ජනවාරි 26 වැනිදා දාතම යටතේ නිකුත් කළ චක්‍රලේඛය යාවත්කාලීන කරමින් පෙබරවාරි මස 6 වැනිදා නිකුත් කළ මාර්ගෝපදේශවල ඉහත කී රෝගීන් වර්ගීකරණය දැක්වේ.
‘කොවිඩ්-19’ ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි දැයි පෞද්ගලික රෝහල්වලට ඉල්ලීම් ඉදිරිපත් වූ බවත් මේ සම්බන්ධයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා සංගමයේ ලේකම් වෛද්‍ය සුනිල් රත්නප්‍රිය මහතා පැවැසීය.
අතරමැදි එනම් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පෞද්ගලික රෝහල්වල වෙනම අංශයක් ස්ථාපිත කිරීමට අවසර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළ බව ද හෙතෙම තවදුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
382
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න පෞද්ගලික රෝහල් අවසර ඉල්ලයි
chandima Wednesday, 16 December 2020 02:48 PM
ප්‍රතිකාර කියන්නේ? ඉඟුරු කොත්තමල්ලිද? දන්න තරමින් නම් ප්‍රතිකාරයක් තවම හොයාගෙන නැහැ. ඇඳක් දීලා ගාණක් කඩාගන්නද යන්නේ...