(පාලිත ආරියවංශ)
කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ඇතැයි සැකකරන තරුණියක් අද (5) සවස බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම තරුණිය 22 හැවිරිදි වියේ පසුවන අතර මොණරාගල, බුද්ධම පදිංචිකාරියකි.
ඇය චීනයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි අතර, පසුගිය දිනකදී ලංකාවට පැමිණ තිබුණි. අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් කළ වෛද්‍ය පරීක්ෂණයක් අනුව, ඇයට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැයි වෛද්‍යවරු සැක කළහ.
ඒ අනුව, එම තරුණිය සෞඛ්‍ය වෛද්‍ය නිලාධාරීන්ගේ උපදෙස් මත අද(05) බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය වෙත එවා තිබිණි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විසින් සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂිතව රැගෙන ආ ඇය ආරක්ෂිත පිවිසුමකින් විශේෂ ප්‍රතිකාර ඒකකයට කැටුව යන ලදී.
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප
ශ්රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව
ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
’කොරෝනා’ යැයි සැක කරන තරුණියක් බදුල්ල රෝහලට
සරත් වීරසුරිය Wednesday, 05 February 2020 12:06 PM
හරි ප්‍රශ්නයක් තමයි රටට වුණේ, කැස්සක් හෙම්බිරිස්සාවක් හැදිලා ඉස්පිරිතාලේ ගියත් කොරෝනා කියලා තමයි කාඩ් එක වදින්නේ.. ඊට පස්සේ ගමේවත් ඉන්න හම්බවෙන්නැහැ! - සමහර විට චීනයටත් වැඩිය කොරොනා ලෙඩ්ඩු අපේ රටේ ඉන්න බැරිත් නැහැ.
NishanFriday, 07 February 2020 09:10 PM
මෙතන වැදගත්ම කාරණය කියවෙන්නේ අවසාන කොටසේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ බදුලු දිස්ත්‍රික් නායකයා සුවසැරියට කතා කරලයි ලෙඩාව අරන් ගිහින් තියෙන්නේ. එයාලම නේද කාලෙකට කලින් සුවසැරියට විරුද්ධව වර්ජන කලෙත්..? ඒක මෙහෙයවන්නේ විදේශ ඔත්තු සේවයක් විසින් කිව්වෙත්...
දිමුත් Wednesday, 05 February 2020 12:09 PM
මැයට කොරෝනා ආසාධනය වී ඇත්නම් චීනයෙන් එන හැමෝවම නිරෝධායනය කරන්න අවශ්‍ය නැහැ කියපු ඇමතිවරිය වගකිව යුතුයි.
ramani - ahaliyagodaWednesday, 05 February 2020 02:14 PM
ඒ ඇමතිවරිය දන්නා ඉටිගෙඩියක් නැහැ.
ChandimaWednesday, 05 February 2020 05:17 PM
ඒකනේ? අර සජිත් මහත්මයා කොරෝන ගැන ඕනෑම ප්‍රශ්නයක් අහන්න කියලා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා කිව්වනේ? මේ රෝගය බෝවෙන ක්‍රම සහ සුවකරගන්න විදිය එතුමාගෙන් අහන්න තිබුනනේ? දැනටත් පරක්කු නැහැ? මේ වගේ දේවල් ඒ වගේ දන්නා කියන කෙනෙකුගෙන් නේ අහන්න තිබුනේ?
ruwanpureWednesday, 05 February 2020 09:35 PM
එහෙම කියන්න එපා... ඇය දක්ෂ කථිකාවියක් ...
siri Wednesday, 05 February 2020 12:20 PM
අනෙත් රටවල නම් චීනයේ වූහාන් නගරයේ සිට ආපසු ගෙන්වා ගත් සියලුම දෙනා නිරෝධායනය කිරීම උදෙසා සති දෙකක ආරක්‍ෂිත රෝහල්වල නවත්වා ගැනීමට කටයුතු කෙරුණි. ලංකාවේ ඒ අයට ඇහැට පෙනෙන ලෙඩක් නැත්නම් ආපසු ගෙවල් වලට යැවීමට කටයුතු කළ හේතුවෙන් දැන් එම කටයුත්ත දෙතුන් ගුණයක් අසීරු බවට පත්ව තිබේ. කොරෝනා වැනි රෝගකාරක පිළිබඳව සැකකටයුතු නිදර්ශක පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනු ලබන්නේ ජෛව ආරක්ෂණ මට්ටම් 4 හි (BSL4) රසායනාගාරයකි. දැනට ශ්‍රී ලංකාව තුල සමෝදානිකව ක්‍රියාත්මක වන මට්ටම 1 හි (BSL1) රසායනාගාරයක් හෝ ක්‍රියාත්මක තලයේ නැති බවයි කියන්නේ.1992දී ජපානයේ ජයිකා ආයතනය අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ ඉහළ අවදානම් සහිත රෝගකාරක පිළිබඳ පරීක්ෂණ සඳහා වෙනම රසායනාගාරයක් නිර්මාණය කළ අතර 2002 වර්ෂයෙන් පසු එහි නඩත්තු කිරීම් සිදුකර නැත. එසේම වසර 3 කට පමණ පෙර සිට වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ, ජෛව ආරක්ෂණ මට්ටම් 3 හි (BSL3) රසායනාගාරයක් නිර්මාණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන සපයා ඇති නමුත්, එය නිසි පරිදි ක්‍රියාවට නැංවී නොමැත. මාධ්‍ය සංදර්ශන ඇතත් ලෙඩේට පිළියම් කිරීමේ ක්‍රමවේදයක් නම් පෙනෙන්නට නැත.
chandima Wednesday, 05 February 2020 05:20 PM
කොරෝනම කියලා පරික්ෂ කරලා නවත්තන්නේ නැතිව ඩෙංගු හැදිලද කියලත් බලන්න?
Nimal Thursday, 06 February 2020 03:48 AM
දෙයක් ගැන බාගෙට දැනගත්තම ඔය උඩ තියෙන වගේ අදහස් තමයි කට්ටිය දාන්නේ. ච මේකේ "case definition" කියලා එකක් තියනවා ඒකට අනුව වුහාන් වලට සම්බන්ධ අයව තමයි නිරෝධානය කරන්නේ. එහෙම නැතුව චීනයෙන් එන හැමෝම එහෙම කරන එක ප්‍රායෝගික නෑ.