'කොවිඩ් 19' වයිරසය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ 'මොනුපියර්වියර්' නමැති බෙහෙත් කරලට පළමු අනුමැතිය හිමිවිය.
අනුමැතිය ලබා දුන්නේ මහා බ්‍රිතාන්‍යයයි. ඒ අනුව, 'මොනුපියර්වියර් සඳහා අනුමැතිය පළමුවෙන්ම හිමිවූයේ මහා බ්‍රිතාන්‍යයෙනි.
'මොනුපියර්වියර්' වයිරස නාශක ඖෂධයක් වන අතර, 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වීමෙන් අනතුරුව, වෛද්‍ය නිර්දේශ මත 'මොනුපියර්වියර්' නිවසේ සිට භාවිතයට ගැනීම කළ හැකි බවත්, එහි අතුරු ආබාධ කිසිවක් නොමැති බවත් 'මර්ක්' සමාගම පෙන්වා දී ඇත.
'මොනුපියර්වියර්' ඖෂධය භාවිතයට ගැනීමේ දී 'කොවිඩ් 19' රෝගීන්ට රෝහල්ගතවීමට සිදුනොවන අතර, මරණයට පත්වීමට ද අවම වෙයි. මේ බව සියලුම සායනික පර්යේෂණවලින් තහවුරු වී ඇති බව 'මර්ක්' සමාගම පැහැදිලි කර තිබේ.
සායනික පර්යේෂණවලදී 'කොවිඩ් 19' රෝගීන්ට දිනකට දෙවරක්, කරල් 4 ක් බැගින්, දින පහකට 'මොල්නුපියවියර්' ලබා දීම සිදු කළ බව ද 'මර්ක්' සමාගම පවසා ඇත.
'මර්ක්' යනු ලොව ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, බොහෝ දෙනා එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ රැසක් නිෂ්පාදනය කරන්නේ ද මෙම සමාගමය. 'මර්ක්' සමාගමේ ආරම්භය 1891 දීය. එය ස්වාධීන සමාගමක් බවට පත් වූයේ 1917 වසරේදීය. මූලස්ථානය ඇත්තේ නිව්ජර්සි ජනපදයේ කෙලින්වර්ත් නුවරය.
'මොනුපියර්වියර්' හදිසි භාවිතයට සුදුසු යැයි අවසර ඉල්ලමින් 'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇත.
ඊට අමතරව, 'මොනුපියර්වියර්' කරල ගැන පැහැදීමෙන් මහා බ්‍රිතාන්‍යය ඇතුළු ලොව ප්‍රබල පෙළේ රටවල් රැසක් 'මර්ක්' සමාගමෙන් එම සායනික වාර්තා ලබාගෙන ඒවා අධ්‍යයනය කර කළ බව ද පැවැසෙයි. මහා බ්‍රිතාන්‍ය ඖෂධ පාලන අධිකාරිය 'මොනුපියර්වියර්' භාවිතයට සුදුසු යැයි අනුමත කළේ ඒ අනුවය.
ඇමෙරිකන් ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ තවමත් 'මොනුපියර්වියර්' කරලට අනුමැතිය දී නැත්තේ, ඒ ගැන සායනික වාර්තා අධ්‍යයනය කරමින් පවතින බැවිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු සැණින් 'මොනුපියර්වියර්' ඇණවුම් කිරීමට රටවල් රැසක් මේ වනවිටත් සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් වී, කිසිදු ලාභයක් අපේක්ෂා නොකර 'මොනුපියර්වියර්' කරල් දිළිඳු රටවලට ලබා දීමේ වැඩපිළිවෙළක් සැකැසීම කෙරෙහි ද මේ වනවිටත් 'මර්ක්' සමාගමේ අවධානය යොමු වී ඇතැයි පැවැසෙයි.
(බීබීසී)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොරෝනා කරලට පළමු අනුමැතිය බ්‍රිතාන්‍යයෙන්
Sriland Friday, 05 November 2021 12:15 PM
ලෙඩවලට නම් දාන්නෙත්, බෙහෙත් හදන්නෙත්, ඒවා අනුමත කරන්නෙත් ඔක්කොම ඒ අය... බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...