IMG-LOGO

කුරුන්දිමලෙයි විහාර භූමියෙන් පැරණි ස්ථූපයක කොටසක් මතුකරගනී

(රොමේෂ් මධුෂංඛ)
              
මුලතිව් කුරුඳුමලෙයි නොහොත් කුරුන්දිමලෙයි පුරාවිද්‍යා භූමියේ සිදු කරන ලද කැණීම් වලින් මේ වන විට අනුරාධපුර යුගයේ පළමු සහ දෙවන සියවස්වලට අයත් පුරාණ ස්තූපයක කොටසක් සහ කොත් කැරැල්ල (යූප ගල) මතු කරගෙන ඇති බවට කැණීම් බාර පුරාවිද්‍යා නිලධාරීන් පවසති.

කබොක් ගලින් සාදන ලද මෙම ස්ථූපයේ උස දළ වශයෙන් මලුවේ සිට මීටර් 6. 70 ක් පමණ වන අතරම මේ වන විට මීටර් 3 කට උසකට දළ වශයෙන් මතුකරගෙන ඇති බවටත් ස්ථූපය තවත් පොළොව යටට ඇති හෙයින් නිශ්චිතවම උසක් මෙතෙක් ප්‍රකාශ කිරීමට නොහැකි බව ඔවුහු පවසති.

ඊට අමතරව අඩි දෙකකට ආසන්න උසකින් යුතු යූප ගලක් ද මතුකරගෙන ඇති අතර එයද පොළව යටට තවත් ඇති බවට කැනීම් භාර පුරාවිද්‍යා නිලධාරීන් පැවසීය.

අක්කර 87 ක භූමියක ඇති මෙම පුරාවිද්‍යා නටඹුන් 2020 නොවැම්බර් මස 26, 27 සහ 28 දිනයන්හි පුරාවිද්‍යා නිලධාරීන් විසින් පළමුව අනුරාධපුර අවසන් යුගයට අයත් යැයි පැවසෙන පුරාතන සෙල්ලිපියක් ගඩොලින් කරන ලද ස්ථූපයක් ඇතුළු ශිලා කුළුණු, සඳකඩ පහන් වැනි නටඹුන් රැසක් සොයා ගැනීමෙන් පසුව එම නටඹුන් හමු වූ ස්ථානයට මීටර් 300 කට පමණ නුදුරින් සිදු කරන ලද කැනීම් වලදී මෙම කබොක් ගලින් නිර්මාණය වූ ස්ථූපයක් සහ යූපගලක් සොයා ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ වන විට අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරක්ෂක අංශ වලද සහය ඇති සිදුකරමින් පවතින අතරම කැණිම් කටයුතු නවතන ලෙසට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් විසින් විරෝධතාවය පළ කර ඇත.

නමුත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසා සිටින්නේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන වැඩි ප්‍රමාණයක් හානි සිදුව ඇති අතර ඒවා යුද්ධය හේතුවෙන් හෝ නිධන් සොරුන් විසින් හානි සිදු කර ඇත්දැයි යන්න සොයා බලන බවයි.

කුරුන්දිමලෙයි නටඹුන්වල කැණීම් සිදු කර ඒවා මතුකරගත හොත් එහි වාසිය ප්‍රදේශයේ ජනතාවට බැවින් ජනතාව කිසිවිටකත් මෙම කැණීම් වලට විරෝධයක් පල නොකරන අතර කැණීම් සඳහා විරෝධයන් පල කරන්නේ සුළු පිරිසක් පමණක් බවයි.

 



අදහස් (5)

කුරුන්දිමලෙයි විහාර භූමියෙන් පැරණි ස්ථූපයක කොටසක් මතුකරගනී

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 February 2021 01:11 PM

සිංහල බෞද්ධ අතීත උරුමය සාක්ෂි සහිතව එළියට එනවිට අමෘතලිංගම්, ප්‍රභාකරන් ඇතුළු වර්තමාන කල්ලි කාරයින්ගේ සැබෑ නිරුවත පෙනෙන නිසාත්, ඊනියා ඊළාම් රාජ්‍ය සිහිනය බොල්වී යන නිසාත්, ඔවුන් අද හිතූ හිතූ දේ කරන අවිචාරවත් මිනිසුන් බවට පත්වී තිබීම පුදුමයක්ද නොවේ. මේ පුරාවස්තු අනුව කවදත් මේ රටට වදයක් වූ දකුණු ඉන්දියාව නොහොත්, තමිල්නාඩුවේ සිට ද්‍රවිඩයන් මෙහි පැමිණ පදිංචි වූ බව ඇතැම්විට දැනට උපකල්පනය කිරීමට හැකිය. ඒත්, සත්‍යය ඉදිරියේදී ස්ථිරව එළිවෙනු ඇත. එය වැළකීමට කවුරුන් උඩපැන්නත් වැඩක් නොවනු ඇත. අප හට සාමාන්‍ය දෙමළ ජනයා සමග කිසිඳු ගැටලුවක් නැත. ප්‍රශ්නය ඇත්තේ ඔවුන් බොරුවට කුපිත කොට ජාතිභේදය අවුස්සන ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයින් සමගය...

:       3       69

SLWednesday, 10 February 2021 03:17 AM

ඉන්දියාවෙන් ඇවිත් යාපනේ මාළු ටික හොරකම් කරගෙන යනකල් හොරගල් අහුලන අය තමයි දෙමළ ජනයා අවුස්සන්නේ... ඒ අය මේ වගේ පුරාවිද්‍යා ස්ථාන එළිපෙහෙළි වෙලා ඔවුන්ගේ බොරු එළිවෙනවාට බයයි. පෙළපාලි යන්නේ ඔයහේතුව නිසයි.

:       0       0

හන්තානේ පඤ්ඤාතිස්ස හිමි Tuesday, 09 February 2021 03:16 PM

පුත්තලම, වනාතවිල්ලුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික මල්විල රජමහ විහාරස්ථානය අක්කර 45ක භූමි භාගයක පිහිටා තිබෙන අතර එම විහාරස්ථානයේ අඩි 50ක් පමණ උසැති නටඹුන් ථූපයෙහි මෙවන් යූපයක් ඇත... වට අඩි 02ක් පමණ වේ දිගින් අඩි 18කට ආසන්නයි. තවත් බොහෝ නටබුන් ඇත..

:       0       0

Nandana Tuesday, 09 February 2021 05:10 PM

මේක ළඟට ගිහින් විරෝධතාවත් දක්වයිද දන්නේ නැහැ. මේවාට ආරක්ෂාව ප්‍රමාණවත් ලෙස සැපයූවොත් හොඳයි.

:       0       0

දිමුත් Wednesday, 10 February 2021 07:03 AM

සැඟවිය නොහැකි අපේ ඇත්ත ඉතිහාසය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 135 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site