IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


‘කුරුණෑගල මන්ත්‍රී ධූරය සති දෙකක් ඇතුළත පිරවිය යුතුයි‘

(බිඟුන් මේනක ගමගේ ) 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමි වන්නේ කාටද යන්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා තවත් සති දෙකක පමණ කාලයක් ඇතුළත ප්‍රකාශ කළ යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’ යට අද(1) පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇතත් එය ගැසට්ටුවක් මගින් ප්‍රකාශ කරන තුරු මන්ත්‍රී ධුරය හිමිවන්නේ කාටද යන්න මාධ්‍යට ප්‍රකාශ කළ නොහැකි බව ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මැතිවරණ කොමිසම පසුගිය අගෝස්තු 12 වැනිදා රැස් වී පුරප්පාඩුවට පත්ව ඇති මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කී හෙතෙම ඒ ගැන වහාම පියවරක් ගන්නැයි දන්වා 13 වැනිදා කුරුණෑගල තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න මහතාට ලිඛිතව උපදෙස් දුන් බවත් සඳහන් කළේය.

නීතියට අනුව අදාළ ලිපිය ලද දින සිට මසක් ඇතුළත තීරණය දැනුම් දීමට තේරීම් භාර නිලධාරිවරයා කටයුතු කළ යුතු බවත් ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ඔහුට කාලය ඇති බව ද දේශප්‍රිය මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91. ආ (4) අනුව්‍යවස්ථාව අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91. ආ (4) අනුව්‍යවස්ථාව මෙසේය.

‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුව සිටියදී, 70 වැනි ව්‍යවස්ථාවේ (7) වැනි අනුව්‍යවස්ථාවේ හෝ 155 වැනි ව්‍යවස්ථාවේ(4) වැනි අනුව්‍යවස්ථාවේ (I) වැනි ඡේදයේ දැක්වෙන අවස්ථාගත කරුණු යටතේ හැර, කවර වූ හෝ මැතිවරණ කොට්ඨාසයක් සඳහා තෝරා පත්කර ගනු ලැබීම පිණිෂ මන්ත්‍රීධූරාපේක්ෂකයකු වශයෙන් නාම යෝජනා කරනු ලැබ සිටී නම් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය’ 



අදහස් (0)

‘කුරුණෑගල මන්ත්‍රී ධූරය සති දෙකක් ඇතුළත පිරවිය යුතුයි‘

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාසල් බිමෙන් අහුලාගත් බෝලය පන්තියේදී පුපුරලා
2025 ජනවාරි මස 15 364 0

ඇල්පිටිය , ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක් පාසල් බිමේ තිබී අහුලාගත් කුඩා බෝලයක් වැනි දෙයක් පුපුරා යෑමෙන් සිසුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය


ගසක් කඩා වැටී 4ක් රෝහලේ
2025 ජනවාරි මස 15 80 0

පැවති වර්ෂාව සහ සුළං සමග අද (15 ) බදුල්ල ඉස්පින්වැලි මේමලේ වත්තේ ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් හතර දෙනකු තුවාල ලබා කෝට්ටගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව බදුල


වෛද්‍යවරයාගේ නිවස කොල්ල කෑ තෙරපිවරයා අල්ලයි
2025 ජනවාරි මස 15 571 0

පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභර


සිමෙන්ති මිල අඩුවෙයි
2025 ජනවාරි මස 15 869 0

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.


‘ලංකාවේ නව යුගයට උදව් කරන්න සූදානම්‘
2025 ජනවාරි මස 15 900 0

සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) ප


වෙලේ සුදාට,බිරියට,සහෝදරියට කෝටි 22ක දඩයක්
2025 ජනවාරි මස 15 1806 4

හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 253 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 557 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site