(ඩයනා උදයංගනී)
ක‍්‍රීඩකයින් විසින් භාවිතා නොකළ යුතු තහනම් උත්තේජක හා තහනම් ක‍්‍රම ඇතුළත් අති විශේෂ ගැසට් පත‍්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ක‍්‍රීඩාවේ යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ලබාගැනීමට එරෙහි සම්මුති පනතේ 34 වැනි වගන්තිය අනුව ශ්‍රී ලංකාව විසින් පසුගියදා තහනම් උත්තේජක ලැයිස්තුවක් ගැසට් කරනු ලැබ ඇත.
ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය මගින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත්කරනු ලබන ලැයිස්තුවට සමගාමීව එය ගැසට් කර තිබේ.
එම ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පළාත් සභා, පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd