IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


කරූගේ කතාවකට රනිල්ගෙන් උත්තර

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැසූ සිද්ධිය වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කොට කළ දෙයක් ද? මේ පිටුපස රනිල් වික්‍රමසිංහ මහතාද සිටින්නේ දැයි හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගෙන් සාමාජ මාධ්‍ය සාකච්ඡාවකදී විමසූ විට හිටපු කතානායකවරයා එය ප්‍රතික්ෂේප නොකිරීම ගැන තමා පුදුමයට පත්වන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පැවසීය.

තමා සහ වත්මන් අගමැතිවරයා එකට එකතු වී මිරිස්කුඩු සිද්ධිය කළැයි චෝදනා කිරීම මහා බොරුවක් වන අතර ඒ චෝදනාව ගැන පුදුමයට පත් වන බවද රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙිදී සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙි දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (19)

කරූගේ කතාවකට රනිල්ගෙන් උත්තර

ajith Sunday, 23 January 2022 08:31 PM

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යනු ප්‍රජාතන්ත්‍රවාදී ජය සහ පරාජය සාපේක්ෂව බාරගන්නා දේශපාලන නායකයකු මිස වෙන කෙනෙකු නොවේ.

:       36       40

Demuni Uduwara Monday, 24 January 2022 04:09 AM

දූෂිත වූ විශේෂිත අංශයකට ඔහු නම්‍යශීලී විය?

:       1       4

Sarath silvaMonday, 24 January 2022 04:24 AM

අද කොහෙද රනිල් වික්‍රමසිංහ ඉන්නෙ,. රාජපස්ස ඔඩොක්කුවේ,. කරූ මහත්තමයා කියන දෙය හරි

:       3       11

Hafeel Monday, 24 January 2022 09:52 AM

පක්ෂය මෙහෙයවන විදිය බලන විට කාටත් තේරනවා ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය. පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති එකේ ප්‍රතිඵල තමයි අද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියන ඉරණම...

:       5       11

BamunuarachchiWednesday, 26 January 2022 10:11 AM

මේ ගොයියා පරාජය බාර ගත්ත නිසා තමයි මේයුද්දය දිනන්න බැහැ ඒ නිසා ප්‍රබාකරන්ට රට දෙමු කියලා තීරණය කලේ. ජනයාව පරාජය බාර ගත්තේ නැති නිසා තමයි රාජපක්ෂ දිනවලා යුද්දයත් දිනුවේ. රාජපක්ෂ බලය නාවානම් සිංහල ළමයි දෙමලුන්ගේ තොසකඩවල කෙහෙල්කොල හෝදනවා. 1956 ඉස්සෙල්ල වගේ දෙමල්ලු කන්තෝරුවල වැඩ කරනවා. හැමබයෝ ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරනවා.

:       0       0

ජගත් ලියනගේ Sunday, 23 January 2022 08:31 PM

රනිල් හොඳ ඩබල් ඒජන්ට් කෙනෙක් තමයි.

:       26       42

Raveendra Sunday, 23 January 2022 09:03 PM

දැන් බලනකල මේ මන්ද බුද්ධිකයන් 226ම නියම සුද්ධෝදනලා... නමුත් කතාව අනේ මම "හීනෙන්වත් කිසිදු කැත වැඩක් කරලා" නැහැ කියාගත්ත ගමන්මයි.

:       7       30

Demuni Uduwara Monday, 24 January 2022 04:04 AM

කෙසේ වෙතත්, අල්ලස් කොමිසම විසින් පෙන්වා දුන් ඔප්පු කළ විසර්ජන සම්බන්ධයෙන් ඔබ මහින්ද රාජපක්ෂ කල්ලියට එරෙහිව කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උදාසීන හැසිරීම් චේතනාන්විතව චෝදනා කිරීමට අපි පසුබට නොවෙමු!.

:       0       9

නුවන් Monday, 24 January 2022 05:11 AM

මේ රටේ ඉන්න දවල් සමාජවාදී රෑට බඩගෝස්තරවාදීන්ට රනිල් දරාගන්න බෑ. එතුමා 2001 දි කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ හරියට කලානම් අද මෙහෙම වෙන්නෙ නෑ. යූනියන් කාරයො ටිකයි, නිකම්මු පහලොස් ලක්ශ දෙසිය විසි පහයි ඒකට පාරට බැස්සා.

:       3       4

Bandara Monday, 24 January 2022 05:15 AM

දෑන් දැන් තේරෙනවා යටින් ඉඳන් රනිල්ගේ කකුලෙන් ඇද්දෙ කවුද කියල. දෑත් ශක්තිමත් කරල ආපු මාමයි බෑනයි මෙහෙම කියනකොට තමා හිනා යන්නෙ.

:       4       6

kamal Monday, 24 January 2022 08:42 AM

ඇතුළත් ගිනි, පිටත් ගිනි...

:       0       4

sharm warn Monday, 24 January 2022 09:15 AM

රනිල් කියන්නේ හොඳම ඩබල්ගේම් කාරයෙක්. මහින්ද අද ඔතන ඉන්නේ මෙයාගේ දක්ෂකම නිසා. මෙයා දන්නවා පාස්කු දවසේ වෙච්ච දේ මුල පටන් අගටම.. මහබැංකුවට මුලින්ම සුද්දයක් දැම්මේ කවුද කියලා. මේ රටේ වෙච්ච හැම දේශපාලන කල්ක්‍රියාවකම මහමොලකාරයින් කවුද කියලා. මේ සේරම දැනගෙනත් මෙයා ලස්සනට හොරුන්ට උදව් කරනවා. මෙයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ කෙනෙක් නොවේ.

:       3       12

.............Monday, 24 January 2022 11:19 AM

ඇත්තෙන්ම මෙයා නිසා තමයි එජාපය නැත්තටම නැතිවුනේ... 2015 දී කරු මැතිතුමා පොදු අපේක්ෂක කළා නම් පක්ෂයත් ගොඩ, රටත් ගොඩ... කොහෙද පක්ෂය පවුලෙන් පිටට ගියොත් කියලා ආත්මාර්ථකාමීත්වයක් නිසා පක්ෂය ගැනවත්, රට ගැනවත් හිතුවේ නැහැ. දැන් ඉතින් මස්සිනාටත් පක්ෂය ගොඩගැනීම පහසු නැහැ. තවතවත් පාක්ෂිකයින්ට කෙනෙහිලි කර ඊළඟ සැරෙත් රාජපක්ෂලාම රජකරන්න මහත්තයෝ..

:       1       9

Surain Monday, 24 January 2022 11:46 AM

රනිල් ගේම් ගහන්න දක්ෂ කෙනෙක් මෙහි වරද නම් මෙයා කවදාවත් හොඳ දෙයක් කරන්න ගේම් ගැහුවේ නැහැ.

:       1       9

fairoos Monday, 24 January 2022 12:19 PM

රනිල් නායකත්වයේ ඉන්නකම් එජාපයට නැගිටිමක් නැහැ.

:       3       6

BamunuarachchiWednesday, 26 January 2022 10:01 AM

හම්බයින් ඉන්නකම් රටට නැගිටීමක් නැහැ...

:       0       0

duplicate Ralahami Monday, 24 January 2022 12:24 PM

දැන්වත් තරුණ පරම්පරාවට බාරදීලා අයින් වෙන්න.. ඔයත් ෆේල් හොඳේ...

:       0       6

BamunuarachchiWednesday, 26 January 2022 10:04 AM

තරුණ පරම්පරාව මොන ඉටිගෙඩියක් කරන්නද? ඔවුන් ෆේස්බුක් බලබල ෆෝන්එකට කොට කොට ඉඳියි..

:       0       0

podi hamine Monday, 24 January 2022 03:57 PM

ඔබතුමා කියවලා තියෙන පොත් විමානේ බැලුවාම ඉගෙන ගෙන තියෙන්නේ අපිව නන්නත්තාර කරන ගේම් ගහන්නනේ බලන්නේ... ඉතින් අන්තිමේදී පක්ෂයත් ඉවර කළානේ. ඉතිරි පොත් ටිකත් කියවන්න ඒවා වේයෝ කන්න ඉස්සර වෙලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

චීනයෙන් ශ්‍රී ලංකාවට ආදර්ශ රැසක් ගතහැකියි
2025 මාර්තු මස 17 129 0

චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැඳගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන


විමල් පුංචි ඡන්දෙට එන හැටි කියයි
2025 මාර්තු මස 17 322 0

ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදයෙන් තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.


දුම්වැටි සමාගමක අධ්‍යක්ෂකවරු 03ක් සිපිරිගෙට
2025 මාර්තු මස 17 612 0

මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැ


ආශා බස්නායකට වරෙන්තු
2025 මාර්තු මස 17 894 0

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ ගලවා දැමීම සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය සඳහා සාක්ෂි ල


දේව මෙහෙයෙදී රට ඉදි නොදුන්නැයි මව්ලවි තුමෝට ගහලා
2025 මාර්තු මස 17 696 0

කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව


’’මහින්ද එළියට දාගන්න බැරි වූ නිසා දැන් බටලන්දක් ඇදගෙන’’
2025 මාර්තු මස 17 1066 0

මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාන මාතෘකාව පරණ වෙනකොට ආණ්ඩුව දැන් බටලන්දක් ඇදගෙන දඟලන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා:-(න.ප්‍ර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 358 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 829 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 309 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site