(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වෙත විදෙස් රූපවාහිනී ආයතනයකින් ලැබිය යුතු රුපියල් කෝටි තුනකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ එම ආයතනයේ ප‍්‍රධාන මූල්‍ය කළමණාකාරවරයා ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (01) නියෝග කළාය.
තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසට නිතීඥ නලීන් වීරකෝන් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කරමින් මහේස්ත‍්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.
ඒ අනුව එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගලවිලවත්ත, හෝමාගම ලිපිනයෙහි පදිංචි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ මූල්‍ය කලමණාකාරවරයා වශයෙන් සේවය කළ දිසානායකලාගේ පියල් නන්දන දිසානායක (42) නැමැත්තාය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන මූල්‍ය කලමනාකරු යළි රිමාන්ඩ්