IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කැබිනට් රැස්වීමේදී නවීන් - දිගම්බරම් ගැටෙති

(අජන්ත කුමාර අගලකඩ)

වතු කම්කරුවන්ට රජයෙන් වැඩිකළ රුපියල් 50 ක දෛනික මුදල ලබාදීම සම්බන්ධයෙන් අද (30) පැවැති කැබිනට් රැස්වීමේදී වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක සහ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් යන මහත්වරුන් අතර මත ගැටුමක් ඇති වූ බව වාර්තාවේ.

වතුකම්කරුවන් රජයෙන් වැඩිකළ රුපියල් 50ක මුදල ගෙවීමට මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 600 ක මුදලක් මාස 6 ක් සඳහා ලැබී ඇති අතර එම මුදල වතු කම්කරුවන්ට බෙදීම පලනි දිගම්බරම් මහතාගේ අමාත්‍යාංශයට බාර දෙන්නැයි ඇමැති නවීන් දිසානායක මහතා කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති පලනි දිගම්බරම් ඇමැතිවරයා අදාළ මුදල ගෙවිය යුත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් බැවින් එය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට යවන්නැයි ඉල්ලා ඇත.

දිගම්බරම් මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇමැති නවීන් දිසානායක මහතා තමාගේ පඹයෙකු පුළුස්සා වතුකරයේ විරෝධතාවයක් පවත්වා ඇති බවත් එවන් තත්ත්වයක් තුළ තමාට මෙම මුදල ගෙවිය නොහැකි බවත් පවසා ඇත.

ඊට පිළිතුරු දී ඇති දිගම්බරම් මහතා එම විරෝධතාව පවත්වා ඇත්තේ ආණ්ඩුවට විරුද්ධව බව සඳහන් කර ඇත.

‘‘ඡන්දයේදී අපි බලාගමු යැයි‘‘ දිගම්බරම් ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තාවේ.



අදහස් (3)

කැබිනට් රැස්වීමේදී නවීන් - දිගම්බරම් ගැටෙති

රවින් Wednesday, 31 July 2019 02:12 AM

ඡන්දේදි නම් ඔය 225 ගැනම පොදු ජනයා බලාගන්නයි ඉන්නේ. ඒ ගැන වැඩි කලබල විය යුතු නැහැ.

:       0       0

rama Wednesday, 31 July 2019 03:41 AM

ආණ්ඩුවේ සල්ලි ටික දුප්පත් මිනිසුන්ට දෙන්න බැරුව මේ අය රණ්ඩු වෙන හැටි. කොහොමත් ආණ්ඩුවේ ඉන්නේ පඹයින් තමයි.

:       0       0

vijitha Wednesday, 31 July 2019 08:01 AM

මේ වගේ පලිගන්න ඇමතිවරු අපේ රටට එපා. ඡන්දේදි මෙයාලව ඉවත් කළ යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site