රංජන් කස්තුරි
නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් පැන නැගි ඇතැයි වාර්තාවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව තනි ආණ්ඩුවක සිටිය හැකි කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ක් ලෙස සඳහන් වී තිබෙන නමුත් එම 30 දෙනා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග විය යුතුද නැද්ද සම්බන්ධයෙන් මෙම නීති ගැටලුව මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
තනි ආණ්ඩුවක සිටිය හැකි ඇමැතිවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින තත්ත්වය පැහැදිලි කර දෙන්නැයි ආණ්ඩුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇතැයි පැවසේ.
ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සමඟ තවත් ඇමැතිවරුන් 28 දෙනකුගෙන් සමන්විත මුළු කැබිනට් මණ්ඩලය තිස් දෙනකු විය යුතු වන බව යැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැර කැබිනට් ඇමැතිවරුන් තිස්දෙනකුගෙන් ඇමැති මණ්ඩලය සමන්විත විය යුතු බව යැයි ද එම ආරංචි මාර්ග කියයි.
COMMENTS
ආණ්ඩු කරන වැඩෙත් නීති පති වරයාටයි අධි කරනයටයි බාරදීලා ඔය දැන් ඉන්න දේසපාලුවෝ ටික ගෙදර ගිහිල්ල දන්නා වැඩක් බාලගත්තානම් ඔය ප්‍රශ්න සේරම අහවරයිනෙ.
මේක 225න් ඇහුවනම් නියම උත්තරේ ගන්න තිබුණා. ඔය 225 ම ඉන්නේ ඇමති වෙන්න බලාගෙන මිසක් මන්ත්‍රී වෙන්න නෙමෙයි. රටේ කරුමේ. මේක අපේ උරුමේ. අපතයන්ට සැප විඳින්න අවස්ථාව දීලා අපි ඉතින් බැන බැන ඉන්නවා.
අපේ ගමේ අවමංගල්‍ය සමිතියේ ව්‍යවස්ථාව මිට හොදයි
අනේ අනිච්චං ! දැන් හැම එකටම නීතිපති නීතිපති ! අමු කැවිලද මන්ද? ව්‍යවස්ථාව නොදැනද පාර්ලිමෙන්තු යන්නෙ ? රජයක් පිහිටුවන්නෙ?
තිහ නම් තිහ මිසක් තිස් දෙක නොවෙයිනේ. අනිවාර්යයෙන් මේකත් නීතිය ඉදිරියට ගෙනියන්න ඕන. රනිල් කියන්නේ හැදෙන්නේ නැති මනුස්සෙයක් කියලා යලි ඔප්පු කරා.
කන්න ඔනා වෙන කොට කබරගොයන් තලගොයා වෙනවලුනෙ අපිට නමි දිස්ත්‍රික් වලට අැමති 25 නි.අැමති 25 හොදටම අැති. හදනවා නම් රට හදන්න එත් මෙයාලා හැමොම තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනවා මිසක් රටට සෙතක් නැහැ. හැම පක්ෂයකම දෙනා තමන්ට කර ගන්න දගලනවා මිසක් රට වෙනුවෙන් එකට හිටපු අවස්ථාවක් නමි 1948 න් පස්සෙ අහලම නැහැ. පක්ෂ දේශපාලනය හොද වුවත් අප රටතුල පවතින්නෙ කැත පක්ෂ දේශපාලනයකි. රටට සෙතක් නැහැ ඒ අයට සැප එච්චරයි සරල අරුත.
නීතිපති දන්න නීතිය. දැක්කනේ පහුගිය දවස්වල පච උන හැටි.
19 සංසෝධනය ගෙනාවේ රෑද.?
31 කියන්න. එතකොට ඇඟ බේරගන්න පුළුවන්
අම්මපා... මුළු ලෝකෙම තියෙන සියලුම දේවල් දන්නා ඔය 225 නාට මේ සරල ගැටලුව විසදගන්න බැරි හැටි....
නීති හදපු අය වත් දන්නේ නැ නීතිය මොක්කක්ද කියලා.
මම දන්නේ නැහැ මොකටද මේ නීතිපතිගෙන් අහන්නේ කියලා. මෙපමණ දවසක් නීතිපති දුන්න නීති උපදෙස් අධිකරණය ප්‍රතික්ෂේප කෙරුවනේ. දැන් නීතිපති කීවොත් 30 පමණි කියලා මේ කට්ටිය උසාවි යනවා. උසාවියෙන් කියනවා නැහැ 35ක් උනත් ප්‍රශ්යනක් නැහැ කියලා. අධිකරණය පිලි නොගන්න නීතිපති කෙනෙකුගෙන් රටට වැඩක් නැහැ. ඔහු අනිවාර්යෙන් ඉල්ලා අස් විය යුතුයි.
නීතියේ තියෙන්නේ කැබිනට් මණ්ඩලය 30 කට සීමා විය යුතුය කියා තිබියදී , එය ජනාධිපති හා අගමැති නැතිව කියා කියනවා නම් එමඟින් ගම්‍ය වන්නේ ජනාධිපති හා අගමැති කැබිනට් මණ්ඩලයේ නොවන අය ලෙසටයි. 19 කියලා පිස්සුවක් ගෙනල්ලා රටම අනාථ කරලා තවත් පිස්සුවක් නටන්න වාගේ ලෑස්ති වෙන්නේ.
ව්‍යවස්ථාවේ ඇති හිඞැස් හොයමින් බාන වැඩිකරගන්නමයි බලන්නේ. ලංකාව වගේ පොඩි රටකට තිහක බානකුත් හොදටම වැඩියි. මේ අය රටට ආදරයක් ඇති අය නොවෙයි.
නීතිය කෙසේ වෙතත් ඔකේ ඔළුගෙඩි අඩු වෙන තරමට ජනතාවගේ පැත්තෙන් හොදයි
19 යෙ පිස්සුවක් නෑ. පිස්සුව තියෙන්නෙ රට පාලනය කරන මනුස්සයින්ට. පැහැදිලිවම 40 (3) කියල තියෙනව ජනපති අමාත්‍ය මණ්ඩලයේ කෙනෙක් කියලා. ඇමති මණ්ඩලයත් 30 විය යුතුයි කියලා කියනවා 45 වගන්තියක. පිස්සු මනුස්සයින් කොට්ඨාසයක් නීතියට වැරදි අර්ථකථනයක් දෙන්න හදනවා රට වෙනුවෙන් කිය කියා...
ඉස්සර ඇමතිවරු සොච්චමයි නියෝජ්‍ය ඇමතිවරු සොච්චමයි ප්‍රාදේශීය මන්ත්‍රී වරු සොච්චමයි වැඩ කලේ. පළාත් සභා නැහැ රාජ්‍ය ඇමතිවරු නැහැ. දැන් එකටත් එක්ක හුවක් කියන දුරින් මන්ත්‍රී වරු. හරියට අපේ රට විශාල වෙලා වගේ.
ව්‍යවස්ථාව කියවලා බැලුවම මට ත්රෙන්නේ නම් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඇතුලත්ව 30ක් කියලා. අනික අගමැති ගැන තියෙන්නෙත් 42 වගන්තියෙන් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය කියලා. ව්‍යවස්ථාව කියවපුවම මටනම් තේරෙන්නේ අමාත්‍ය මණ්ඩලයත් සමගමයි අගමැතිගේ කාර්ය පිළිබඳව විස්තර කරන්නේ. 43(3) කියල තියෙන විදියට ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලය වෙත පවරලා තියෙන විෂය සහ කාර්ය වෙනස් කරන පුළුවන්. මට තේරෙන විදියට අවුරුදු හතරයි මාස හය ඇතුලත අමාත්‍ය මණ්ඩලය ඕනෑම විටක වෙනස් කර අගමැතිවත් වෙනස් කරන්න පුළුවන් ජනාධිපතිගේ මතයට අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තියෙන මන්ත්‍රීවරයා ලෙස. අගමැති කරන්න ස්වාධීන මන්ත්‍රි කෙනක්ව වුනත් පුළුවන් කියලා මටනම් හිතෙන්නේ. පාර්ලිමේන්තුවට ඕනේම නම් කාටද උපරිම විශ්වාසය තියෙන්න කියලා පාර්ලිමේන්තුව තුල ඡන්දෙකින් පෙන්නන්න වෙයි.