(දයාසීලි ලියනගේ)
කැබිනට් නොවන ඇමැතිවරුන් දෙදෙනකු එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් මාධ්‍යවලට අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ලිඛිතව දන්වා ඇතැයි පක්ෂයේ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය, පක්ෂ නායකත්වය, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ වැඩපිළිවෙළ හා ක්‍රියාමාර්ග විවේචනය කළැයි අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ යන ඇමැතිවරුන්ට විනය පියවර ගන්නා බවට මෙලෙස ලිඛිතව දැනුම් දී ඇත.
ඇමැතිවරුන් දෙදෙනාට අද (27) එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා විසින් මෙම ලිපිය යොමු කර තිබේ.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් සැප්තැම්බර් 9 වැනිදා හෝ ඊට පෙර ලිඛිත කරුණු දක්වන ලෙසටත්, එම කරුණු දැක්වීම පක්ෂයේ විනය කමිටුවට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනු ලබන බවත් පක්ෂ ලේකම්වරයා එය ලිඛිතව දන්වා තිබේ.
COMMENTS
සජිත්ට මොවුන් වෙනුවෙන් පෙනී ඉන්න තරම් කොන්දක් තියෙයිද? කලින් වතාවල වල වගේ මඟ අරීවිද?
අත්‍යවශ්‍ය පියවරක්.
විනය කියන කාරනාව පක්ෂ, විපක්ෂ , උසස් ,පහත්, ජාති ,කුල ,ආගම්, පිරිමි, ගැහැණු, යන ආදී වශයෙන් වෙන් නොකළ යුතුය. විනයක් නැති තැන කිසිම වැඩක් හරියට කෙරෙන්නේ නැත. රටේ මිනිසුන් හැමදාම තියන්න ඕනේ ගැලරියේ කියලා හිතාගෙන කට වාචාල දෙඩුවහම හරියන්නේ නැහැ. මොකද පොදු ජනයා බැල්කනියට ගිය දවසට (වැඩි ඈතක් නොවේ ) කට වාචලයින්ට ගැලරියෙවත් ඉන්න බැරි වේවි.
ඇත්ත කියන්න බය වෙන්න ඕන නැහැ
මේ ආණ්ඩුවේ අය කථා කරන විදියට හිතෙන්නේ මේ ඔක්කොම පක්ෂයේ නායකයා විදියටයි. ඒ තරම් ගැම්මෙන් තමයි ඒ අය කථා කරන්නේ. දේශපාලකයන්ට දැන් චාරයක් ඇත්තේම නැහැ.
එතකොට පක්ෂයේ අනුමැතියක් නැතුව තනියම රේස් එකක් දුවන්න හදන එක්කෙනාට විනය ක්‍රියාත්මක කරන්න බයයිද? හේෂා විතානගේ කියල තියෙනවා "පසුගිය 22 වනදාට පෙර කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරවා ගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රමට දැනුම් දී තියෙනවා කියල. එහෙම උනානම් ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ අගෝස්තු 23 සිකුරාදා දිනයේ සජිත් ප්‍රේමදාස මහතාව අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීමයි කියලත් කියනවා."අගෝස්තු 30 වනදා වනවිට සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් සජිත් පාර්ශ්වය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවත් " කියනවා. මේ සේරමදේ සිකුරාදාට වෙන්නේ මොකද කියලත් සමහරු අහනවා. ඒ අතර මාරාන්තික උපවාස සහ සිරිකොත වැටලීම් වගේ දේත් වෙනවාලු. මණ්ඩලේ කචල් වගෙයි.
අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ දෙදෙනාටම විනය පරීක්ෂණ තබා ඔව්න් සිටින්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුවද නොඑසේනම් වෙනත් අරමුණු අරබයද කියා සොයාබැලීම කල යුතුය. නමුත් මොවුන් කියන කරන දේ කිසිවක් වැදගත් නොවන නිසා එක්සත් ජාතික පක්ෂයා කලබල වන්නේනැත.
අ මේ කෙසෙල් සුජීව නේ. මෙයා නේද ගංවතුරෙන් විපතට පතුවන්ට නම ගහල කෙසෙල් ගෙඩිය ගානේ දුන්නේ.
පුලුවන්නම් කාපල්ලා යුඑන්පි එක. ඔය ඇමතිවරු දෙන්නම යුඑන්පි ඡන්දදායකයෝ අතර ප්‍රසාදය දිනපු අය.
ඔය දෙන්නා එලවලා දාන්න ඕනි පක්ෂය ආරක්ෂා කර ගන්න නම්...
මේ දෙන්නා කලේ විවේචනය කරමින් පක්ෂයට හානි කිරීම වුවත් නියෝජ්‍ය නායකයා පක්ෂය හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය නැතිවම මම ඉදිරිපත් වෙනවා කියමින් පක්ෂයට හානි කිරීම මෙයට වඩා භයානක තත්වයක් ඔහුට මෙතරම්වත් විනයක් නැති බව පේනවා. ඇයි ඔහුට විනය පියවරක් නොගන්නේ.
ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න..
මේ දෙන්නට විරුධව විතරද විනය පරීක්ෂණ තියන්නේ ?
පක්ෂ විනය අනුව කටයුතු කල නොහැකි නම්, ඉවත් කළ යුතුය.
අකිල මිලියන ගනං විනාශ කරලා පොත් අච්චු ගැහුවට මොකදකරන්නෙ?
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් හදන්නේ කණ්ඩායමක් ලෙස වැඩ කර පක්ෂ සාමාජිකයින්ගේ දුර්වලකම් පාලනය කර ඔවුන්ගේ වටිනාකම් මතුකර උපරිම උසසස් සමාජ සේවයක් කිරීමටය.සාමාජිකයින් ක්‍රියා කලයුතු නීති පද්දතියක් ඇත්තේ එනිසය.පක්ෂයක කිසිවෙකු හෝ පිරිසක් ඒ නීති උල්ලංගනය කර අත්තනෝමතිකව ක්‍රියා කලහොත් තරාතිරම නොබලා ඒ නීති පද්දතිට අනුකුලව ඔවුන්ට එරෙහිව විනය පිවර ගත යුතුමය. එසේ නොකලොත් පක්ෂයක් පවත්වාගත නොහැක. මේ දෙදෙනා පමණක් නොව සජිත් ඇතුළු කල්ලියම පක්ෂය අනුමැතියකින් තොරව ජනපති අපේක්ෂකයා ලෙස සජිත් පත්කරගැනීමට අත්තනෝමතිකව ක්‍රියාකරමින් පක්ෂයේ නායකත්වය හා පක්ෂයේ මතය නොසලකා හැරීම බරපතල වරදක් මෙන්ම පක්ෂය හැල්ලුවට පත්කරන බරපතල මන්ද බුද්ධික හා හානිපුරක පුර්වාදර්ශයක් බැවින් මොවුන්ට එරෙහිව වහාම වින්යනුකුල පියවර ගෙන මුළු රටම බලාසිටින පක්ෂය ඉදිරිපත්කරන්නට යන සුදුසුම ප්‍රජාතන්ත්‍රවාදී ජනපති අපේක්ෂකයා නම් කිරීමට කාලය එළඹ ඇත. විධායකය හීන කර ස්වාධින් කොමිෂන් ඇතිකර රාජ්‍ය යන්ත්රණයෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ඇති වත්මන් එජාප රජයට බුධිමත් ජනප්‍රසාදය නොඅඩුව ඇත. සජිත් ඇතුළු කල්ලිය නැති උනත් ජනපතිවරණය දිනාගත හැකිය.