( තිළිණි ද සිල්වා )
දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කොළඹ 01, සෙලින්කෝ ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ සේවා සැපයීම් යළි ආරම්භ කළද අදාළ සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය ඔස්සේ වේලාවක් වෙන් කරවා ගෙන පැමිණිය යුතු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව විවාහ සහතික, උප්පැන්න සහතික, අධ්‍යාපන සහතික ආදී ලේඛන සහතික කරවා ගැනීම ආදී කොන්සියුලර් සේවා ලබා ගැනීම අපෙක්ෂා කරන පිරිස් http://consular.mfa.gov.lk/ONLINEBOOKING යන වෙබ් සැබැදිය ඔස්සේ වේලාවක් වෙන් කරවා සතියේ දිනවල පෙරවරු 7.30 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ පැමිණිය යුතු බවද එම අමාත්‍යාංශය සදහන් කරයි.
සහතික පත්‍ර/ලේඛන සහතික කිරීම හා සත්‍යාපනය සම්බන්ධයෙන් 011 - 2338812/7711194 යන දුරකථන අංකයෙන්ද, විදේශවල සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ පිළිබද 011 - 2338836 / 3136715 යන අංකයෙන්ද, විදේශවල මිය ගිය ශ්‍රී ලාංකිකයන් සඳහා වන්දි ගෙවීම 001 - 2437635 / 7101193 යන දුරකථන අංක වලින්ද, අතරමං වූ ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම: 011-2338837 යන දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු සඳහා කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ කර ගත හැකි බව එම අමාත්‍යාංශය කියා සිටී.
ඊට අමතරව මාතර, යාපනය, මහනුවර, කුරුණෑගල, ත්‍රිකුණාමලය නගර වල පිහිටි ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාල ද වැඩ කරන දිනවල කාර්යාල වේලාවන්හිදී මහජනතාවට සේවය සැපයීම සඳහා විවෘත කර ඇති අතර. ඒ ඒ පළාත්වල සහ අසල්වැසි ප්‍රදේශවල පදිංචි වී සිටින මහජනතාවට තම සේවා ලබා ගැනීම සඳහා එම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල වෙත පැමිණෙන්නැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොන්සියුලර් සේවාවට ඔන්ලයින් හරහා වේලාවක්