IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කන්දකාඩු සිද්ධියට ගිය නාවික හමුදාවේ 12 කට තුවාල

කින්නියා කන්දකාඩු ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම්කරුවන් හා නාවික හමුදාව සමඟ ඇති වූ ගැටුම් වලින් නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකු තුවාල ඇති බව නාවික හමුදාව පවසයි.

තුවාල ලැබූවන්ගේ සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සුරිය බණ්ඩාර මහතා සඳහන් කළේය.

ජනාධිපතිතුමාගේ හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ උපදෙස් අනුව මහවැලි ගඟේ සිදුකරන අනවසර වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් නාවික හමුදාව හා විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් සිදුකරනු ලබන බව ඔහු වැඩිදුරටත් කීය.

(28535)

(ඡායාරූප -  බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 



අදහස් (14)

කන්දකාඩු සිද්ධියට ගිය නාවික හමුදාවේ 12 කට තුවාල

බන්ඩාර Tuesday, 29 January 2019 02:25 PM

හමුදාව කෑම්ප් එකට වෙලා හිටියානම් ඉවරයි නෙ...

:       787       4

Hafeel Tuesday, 29 January 2019 03:47 PM

ගෙදරට වෙලා හිටියානම් ඊටත් වඩා හොඳයිද?

:       13       799

Raveendra Tuesday, 29 January 2019 02:33 PM

පරිසරය විනාශ කරන සියලුම අය අල්ලා ඇතුලට දැමීම ආරක්ෂක අංශවල වගකීමක් මෙන්ම යුතුකමකි. නිතිය එක එක අයගේ අතට ගැනීමට ඉඩ දිය යුතු නැත.

:       0       935

Bamunuarachchi Tuesday, 29 January 2019 04:29 PM

අහන්නත් පුදුමයි නාවික හමුදාවේ 12 කට තුවාල? යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? මේ වගේ වෙලාවක යහපාලකයින්ගේ ගෞරවය නොවෙයි නාවික හමුදාවේ ගෞරවය රකින්න. මතකයිනේ රටේ ගෞරවය රකින්න ඉන්දියානුවෙකුට අපේ සොල්දාදුවෙක් පොලු පාර දුන්නා.

:       109       877

NuwanWednesday, 30 January 2019 08:01 AM

නීති විරෝධි වැඩ නවත්වන්න යනකොට සංහිදියාවට බාධා වෙනවා.

:       0       67

abaran Tuesday, 29 January 2019 09:43 PM

ඔය කින්නියා පැත්තේ ඉන්නේ එක්තරා වර්ගවාදී මිනිසුන් කොටසක්. ඒ අය ක්‍රමයෙන් අපේ රටේ බලය අල්ලාගෙන යන්නේ. ඒ අය එකතු උනාම කොටින්ට වඩා දරුණුයි..

:       251       562

sara Wednesday, 30 January 2019 01:49 AM

දැන් මෙතන වරද වැලි ගොඩ දාපු අයද, පරිසර හොරු ටික අල්ලන්න ගියපු එකද.

:       0       185

Kumar Wednesday, 30 January 2019 02:49 AM

සෑම අවස්ථාවකම නීති විරෝධී ක්‍රියා හෙළා දැකිය යුතු බව කියන්න ඕනෙ නැහැනෙ. නාවික භටයන්ට පහර දෙන්නේ නම් ඔවුන් ප්‍රති ප්‍රහාර එල්ල කල යුතුයි. සෑම අවස්ථාවක විඩියෝ කැමරාවක් ගෙනයන්න.

:       1       181

BamunuarachchiWednesday, 30 January 2019 12:40 PM

800 පොලිස් නිලධාරීන්ට ත්‍රස්තයින්ට යටත් වෙන්න කියපු නායකයෝ හිටපු රටේ මේවත් වැඩද? අපි කොඳුනාරටිය කෙලින් තිබෙන නායකයින් ඉල්ලන්නේ ඔය නිසයි.

:       0       29

ravi Wednesday, 30 January 2019 05:54 AM

නීති විරෝධී දේවල් කරලා පමණක් නොවෙයි නීතිය ආරක්ෂා කරන නිලදාරීන්ටත් පහරදීලා රාජකාරී කටයුතු වලට බාධා කරලා ඒත් දැන් කියවන්නේ මානව අයිතිවාසිකම් ගැනද ..???

:       0       188

liya Wednesday, 30 January 2019 10:37 AM

ත්‍රිවිද හමුදාවේ ගෞරවය රකින එක නාවික හමුදාවේ යුතුකමකි. එ්ක ඉටුකරන්න. ජයවේවා!!! 

:       1       100

රසික Wednesday, 30 January 2019 10:54 AM

ඔහොම තමයි රට සුනඛයන්ට ගියාම....

:       59       79

lanka Wednesday, 30 January 2019 12:15 PM

ගස් කැපීම, වැලි ගොඩ දැමීම, පස් කැපීම, ගංජා විකිණීම වැනි දේ නීති විරෝධී යයි කීවට, අද රටේ පවතින ආර්ථික තත්වය නිසා බොහෝ දෙනා මෙවැනි දේට පෙළඹෙනවා. නිලඇඳුමේ බලයෙන් මෙවැනි අය මෙල්ල කිරීමට තැත්කරනවට වඩා.. මිනිස්සුන්ට වඩා හොඳ ජීවනෝපායක් සකසා දීම වඩා යෝග්‍යයයි සිතමි.

:       0       62

senaThursday, 31 January 2019 01:06 PM

කුඩු විකුණන කට්ටියටත් බලපත්‍ර දුන්නනම් හරි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site