IMG-LOGO

කන්ටේනරයක දිවි ගෙවූ පවුලක් පන්නා කන්ටේනර් පෙට්ටිය උස්සන් ගිහින්

(ඉන්දිකා රාමනායක)

කොල්ලුපිටියේ පිහිටි  ඉඩමක  කන්ටේනර් පෙට්ටියක පදිංචිව සිටි පවුලක්  අද  (11) අලුයම බලහත් කාරයෙන්  පන්නා දමා ඔවුන්  පදිංචි  කන්ටේනර් පෙටිටිය  රැගෙන යාමේ   සිද්ධියක් සම්බන්ධයෙන්  සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දකුණු පළාතේ ප්‍රවෘත්ති මැවූ නගරාධිපතිවරයකුගේ පෞද්ගලික  ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම ඉඩමේ   අයිතිය සම්බන්ධයෙන්  දෙපාර්ශයක් අතර  ආරවුල්  පවතින බවත්, ඉඩමේ අයිතිකරු බව කියන පුද්ගලයා   එම  ඉඩමේ  කන්ටේනර් පෙට්ටියක් තුළ නිවසක් සකස්කරගෙන එහි වසර කිහිපයක් පුරා  දු දරුවන් සමග  ජීවත් වන බවට පැමිණිලි ලැබුණ බව පොලිසිය පවසයි.

අද  අලුයම 2.00 පැමිණ පිරිසක්   මෙම නිවසේ හිමිකරු බව කියන පුද්ගලයා සමග තර්ජනය කර  ගැටුම්ක්  ඇති අතරගෙන   එම පවුල  පදිංචි  ඉඩමින් පන්නා දමා   ඔවුන් පදිංචිව සිටි කන්ටේනරය ද  බලහත් කාරයෙක් රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව    පොලිසිය පරීක්ෂණ පවත්වා  ඉහත සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් තිදෙනා එම ඉඩමේ තිබු කන්ටේනර් පෙට්ටිය ඉවත් කර  අලුත්  කන්ටේනර් පෙට්ටියක් එහි ගෙන ගොස් සැකකරුවන් තිදෙනකු  එහි පදිංචිව සිට ඇති බවද පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් මෙම ඉඩමේ තිබී  රැගෙන ගිය කන්ටේනරය දෙමටගොඩ කැටවලමුල්ල  ප්‍රදේශයේ   ක්‍රීඩාපිටියක   රඳවා තිබියදි ඊයේ පස්වරුවේ   පොලිසිය සොයාගෙන  ඇත.

එම කන්ටේනර් රථය  ප්‍රවාහන කර එම ස්ථානයේ දැමීම සම්බන්ධයෙන්  ද සැකකරුවන්  දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයක් ඇති බවට සැකකරන දකුණු පළාත් පුවත් මැවූ නගරාධිපතිවරයාගෙන් ද ඉදිරියේ සිද්ධිය සම්බන්ධයෙන්  ඒ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා බවද පොලිසිය කියයි. 



අදහස් (3)

කන්ටේනරයක දිවි ගෙවූ පවුලක් පන්නා කන්ටේනර් පෙට්ටිය උස්සන් ගිහින්

ලුම්බිණි Friday, 12 November 2021 05:53 AM

නගරාධිපතිවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගන්නවා විතරද?

:       0       4

suddaTuesday, 16 November 2021 04:18 PM

ඒ කාලේ මර්වින් සිල්වාව රැක්කා වගේ දැන් මෙයාටත් නටන්න ඉඩ ඇරලා තියෙන්නේ.

:       0       0

ජනතාව Friday, 12 November 2021 10:08 AM

දැන් රටේ ත්‍රස්ත ක්‍රියාවලට දේශපාලන ක්‍රියාකාරීන් නොගෑවුණු තැනක් නැහැනේ... මේ අතරින් ඉඩම් කොල්ලය කැපී පෙනෙන හැඩයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site