IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කාදිනල්තුමෝ යූ.එන් අමතති

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සඳහා මැදිහත්වන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අද (7) ඉල්ලීමක් කළහ.

මෙම ප්‍රහාරය පසුපස ඇති සත්‍යය සොයා ගැනීම වෙනුවෙන් ක්‍රමවේදයක් සැලසුම් කිරීමට සහය වන ලෙස ද කාදිනල්තුමෝ මෙහිදී ඉල්ලා සිටියහ.

මෙම ප්‍රහාරයෙන් සිදුවූ සමූල ඝාතනය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් බව මුලින් ප්‍රකාශ වුවත්, ඉන් අනතුරුව සිදු වූ විමර්ශනවලදී එය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බව අනාවරණය වී ඇතැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කොළඹ අගරදගුරුතුමන් වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ මානව හිමිකම් සැසිවාරය වෙත මෙම ප්‍රකාශය කර ඇත.

මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කළ, පාස්කු දින ප්‍රහාරයට අදාළ සාක්ෂි රැස්කිරීම ඉදිරියට කරගෙන යන ලෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටවල්වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව කී කාදිනල්තුමෝ එම අපරාධය සිදුවී වසර තුනක් යන තුරුත් එහි සත්‍ය හෙළිනොවීම අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය වූ අවස්ථාවක් බව ද පැවසූහ.

කතෝලික සභාව මෙන්ම මේ පිළිබඳ සත්‍යය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලීම් කළ ද වින්දිතයින් හට යුක්තිය ඉටු කිරීමට, ශ්‍රී ලංකාවේ රජය අසමත් වී ඇතැයි කාදිනල්තුමෝ සඳහන් කළහ.

මෙම ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීම සහ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බිය ගැන්වීමේ උත්සාහයන් දක්නට ලැබෙන බව කී කොළඹ අගරදගුරුතුමෝ එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරුදින සැබැවින්ම සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව තවමත් අඳුරේ සිටින්නට සිදුව ඇතැයි ද පැවසූහ.

ශ්‍රී ලංකාවේදී 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් දරු දැරියන් 82 දෙනකු සහ රටවල් 14 කට අයත් විදේශිකයින් 47 දෙනකු ඇතුළු 269 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, 500 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ද කාදිනල්තුමෝ මෙහිදී වැඩිදුරටත් කියා සිටියහ.



අදහස් (0)

කාදිනල්තුමෝ යූ.එන් අමතති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 581 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site