(ඩයනා උදයංගනී)
දිවයින පුරා පිහිටි පෞද්ගලික කතෝලික පාසල් සඳහා ලබන සඳුදා (29) දක්වා නිවාඩු ලබාදෙන බව කතෝලික පාඨශාලා සාමාන්‍යාධිකාරී අයිවන් පෙරේරා පියතුමා පැවසීය.
රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීට තීරණය කළ බව අයිවන් පෙරේරා පියතුමා සඳහන් කළේය.
රජයේ පාසල් සඳහා ද අද (22) සහ හෙට (23) දිනයන්හි නිවාඩු ලබාදී ඇති අතර නිවාඩුව තව දුරටත් දිගු කළ යුතු ද යන්න ගැන හෙට (23) දිනයේදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කතෝලික පාසල් ලබන සඳුදා තෙක් නිවාඩු
සේන Monday, 22 April 2019 01:30 PM
රටේ ආරක්ෂාව තහවුරු කරන තුරු සියලුම පාසල් විවෘත නොකළ යුතුයි. දරු පැටවුන් රැක ගැනීම රටේ වගකීම. ඒ රටේ අනාගතය
Raveendra Monday, 22 April 2019 02:38 PM
ඇයි කතෝලික පාසැල් විතරක් වසා තබන්නේ ? අනිත් පාසැල් වල දරුවන් බෝම්බවලට ඔරොත්තු දෙන ඇදුම් ආයිත්තම් ඇදගෙනද ඒ ඒ පාසැල් වලට යන්නේ ???
chandimla Monday, 22 April 2019 02:59 PM
තේරෙන්නෙ නැද්ද, බෝම්බ ගහලා තියෙන්නෙ කතෝලික පල්ලි වලට කියලා, ඒ අයගේ තරහ තියෙන්නෙ ක්‍රිස්තියානි ආගමත් එක්ක, ඒක දිග කතාවක්
RaveendraMonday, 22 April 2019 05:18 PM
chandimla මයා වෙත, ඔබට අපගේ අදහස් නොතේරීම පිලිබදව අප කනගාටු වන්නෙමු. මෙවන් අවස්ථාවකදී සියලුම වැදගත් ස්ථාන පිලිබදව දැඩි අවදානය යොමු කලයුතු නොවේද? අප විස්වාස කරනවා මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන ද මෙසේ අවධානය යොමු කල යුතු බවද.
ඈපාMonday, 22 April 2019 03:59 PM
ඒකනේ මේ රජයේ සංහිඳියාව ..
isurandi Tuesday, 23 April 2019 05:23 AM
මේ අවස්ථාවේදී රටේම ආරක්ෂාව ගැන හිතලා වැඩ කලයුතුයි
lakshani fernando Tuesday, 23 April 2019 06:10 AM
රජයේ පාසල් වලටත් කතෝලික දරුවෝ යනවා. අනික කොයි දරුවොත් දරුවෝ. බෞද්ද අපිත් පල්ලි වලට යන අවස්ථා තියෙනවා. එහෙම ගිහින් මැරුණ බෞද්ද අයත් එතන ඇති. අනික මේක ජාති ආගම ප්‍රශ්න කර නොගෙන මේ ප්‍රශ්න මර්දනය වනතුරු දරුවන්ට නිවාඩු දෙන්න.