(එම්.කේ.නන්දසේන)
කතරගම දෙස් විදෙස් සංචාරකයින් ගැවසෙන නගරයක් බැවින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත කතරගම සියලු ම විහාරස්ථාන ඇතුළු නාගරික හා ප්‍රදේශවාසී ජනතාවට ඉතා කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නගන්නැයි කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධමිමින්ද නායක හිමියෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරති.
තමන් වහන්සේලා බැහැදැකීම සඳහා දෙස් විදෙස් දායක කාරකාදීන් දිනපතා පැමිණෙන අතර, දායකයින්ගේ පිරිත් පිංකම්, බෝධි පුජා, දානමය පිංකම්, අවමංගල්‍යය පාංශු කූල යනාදීයට අනිවාර්යයෙන්ම සහභාගි වීමට සිදුව ඇති බවද හිමියෝ පෙන්වාදෙති.
එපමණක් නොව කතරගම වන්දනාකරුවන්ගෙන් යැපෙන ආර්ථිකයක් ඇති නගරයක් බැවින් දිනපතා විවිධ ප්‍රදේශයන්හි සිට පැමිණෙන පිරිස් සමග ගනුදෙනු කිරීමට සහ ඇසුරු කිරීමට සිදුවන හෙයින් ඉතා කඩිනමින් කොරෝනා වයිරසය නිවාරණ එන්නත කතරගම විහාරස්ථාන ඇතුළු ප්‍රදේශවාසී ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද නායක හිමියෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කතරගමට කොරෝනා මර්දන එන්නත ඉල්ලති
කලවානේ කිරියා Friday, 26 February 2021 09:01 AM
හාමුදුරුවනේ, කතරගමට කිරි අපට කැකිරිද?
siri Friday, 26 February 2021 09:36 AM
මහා බලගතු "කන්ද කදිර දේව සුරිඳුන්ගෙන්" කිසිම පිහිටක් ඇත්තෙම නැද්ද අප්පා මේ එන්නත් ඉල්ලන්නේ..?
nishantha Saturday, 27 February 2021 02:47 AM
ඇයි කතරගම දෙවියන්ට බැරිද ඕකෙන් තමන්ගේ ප්‍රදේශයේ අයවත් ආරක්ෂා කරගන්න? මිථ්‍යාව වපුරා ගරාගන්න සමාජය නිසා බැටකන අසරණ ජනතාව මේකෙන්වත් තේරුම් ගත යුතු සත්‍ය නම් ඔබ මුලාවේ දමා ඒ අය යහතින් ඉන්න විද්‍යාෙව් පිහිට පතන බවයි.