IMG-LOGO

‘කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළත් බහුතරය වෙනුවෙන් පෙනී සිටිනවා’

(රංජන් කස්තුරි)
 
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කළද තමා පක්ෂය ආරක්ෂා කර ගනිමින් බහුතරයේ හඬ වෙනුවෙන් පෙනීසිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකර් මහතා ලංකාදීපයට පැවසීය.
 
තමා පක්ෂයට හෝ පක්ෂ විනයට විරෝධී කිසිවක් නොකළ බවද, කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත්කරන්නට ඇත්තේ ‘එහෙයියෙක්’ නොවූ නිසා විය හැකි යැයිද ඒ මහතා කීය.
 
තමාට සැඟවුණු න්‍යාය පත්‍ර නොමැති හෙයින් තනතුරු අවශ්‍ය නැති බවද ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසීය.
 
ඒ මහතා මෙසේ ද කීවේය.
 
“එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද(30) පැවැත්වුණු මට ආරාධො ලැබුණේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් මා ඉවත්කළ බව දැනගන්නට ලැබුණේ ජනමාධ්‍ය ඔස්සේ සහ සමාජ මාධ්‍යවලින්. මම ඉවත්කිරීම ගැන පුදුමවන්නේ නැහැ. ඒත් කනගාටුවට පත්වෙනවා. පක්ෂයේ එකමුතුභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ශක්තිමත්භාවය වෙනුවෙන් ඉකුත් කාලයේ මා දිගින් දිගටම පෙනී සිටියා. කවදාවත් එහෙයියෙක් වුණේ නැහැ” යැයිද හෙතෙම කියාසිටියේය.

 



අදහස් (3)

‘කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළත් බහුතරය වෙනුවෙන් පෙනී සිටිනවා’

Gamage Thursday, 30 January 2020 10:42 AM

මේ වගේ මිනිස්සු නැති එජාපය හරියට ඉඩෝරෙට අහුවුනා වගේ. ඔය පක්ෂයේ නායකකමටත් සුදුසයි මෙතුමා නම්.......වරප්‍රසාද, සල්ලි, තානාන්තර පස්සේ දුවපු මනුස්සයෙක් නෙවයි මෙතුමා. කොහොමත් ඔය පක්ෂයේ ඉන්න අයට මෙතුමාව දිරවන්නේ නැහැ.

:       0       75

upaliThursday, 30 January 2020 11:52 AM

මෙතුමා ආනන්ද මහා විද්‍යාලයේ මාගේ සමකාලීනයෙකි. වරක් පාසලේදී "වර්ෂයේ දක්ෂතම කථිකයා" සම්මානය දිනූවෙකි.

:       0       29

Sunil Thursday, 30 January 2020 10:49 AM

මුලු රටේම ජනතාව අවංක දේශපාලයෙක් වන ඔබතුමා සමගයි.

:       0       63

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 153 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 681 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site